IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බෝම්බ ප්‍රහාරයක් ගැන බොරු ඇමතුම් දුන් මවුලවීවරයකු අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක,මොහොමඩ් ආසික් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අකුරණ නගරයේ මුස්ලිම් පල්ලියකට සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත 118  හදිසි ඇමතුම්    මධ්‍යස්ථානයට ව්‍යාජ ඇමතුම් දෙකක්  ලබාදුන් මවුලවි වරයකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් හාරිස්පත්තුව ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාරිස්පත්තුව  බටගොඩ  ප්‍රදේශයේ පදිංචි  (21) පුද්ගලයෙකු බවත් ඔහු  ලබාදුන්  තොරතුරු ව්‍යාජ බවටත් සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම සැකකරු ඉකුත් 18 සහ 19 යන දෙදින තුළ මෙම ව්‍යාජ ඇමතුම් 2 දෙක ලබාදී ඇති අතර,  පරිගණක අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර දින තුනක් ඇතුළත   සැකකරු  අඩංගුවට ගෙන ඇත.

මෙසේ ව්‍යාජ ඇමතුම් ලබා දීම හේතුවෙන්  පොලිසිය ඇතුළු රජය නිලධාරීන් විශාල වශයෙන් අපහසුතාවයට පත්  වු   බවත් ,  වැඩි පිරිසක් යොදවා ආරක්ෂාවක් තර කිරීමට සිදුවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙවැනි ඇමතුම් මගින්      මහජනයා සහ ආගම් අතර කිසියම් කැළඹීමක් හටගැනීමට  ඉඩ තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙවැනි වැරදි සිදුකරන සිදුකරන පුද්ගලයන්ට එරෙහිව උපරිම  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.



අදහස් (3)

බෝම්බ ප්‍රහාරයක් ගැන බොරු ඇමතුම් දුන් මවුලවීවරයකු අත්අඩංගුවට

Bamunuarachchi Saturday, 22 April 2023 07:18 PM

ඉල්ලන් කන්න හදනවා වගෙයි...

:       2       11

sam Sunday, 23 April 2023 07:18 AM

නිදොස් කොට නිදහස්

:       0       1

Bunny Preena Monday, 24 April 2023 09:07 AM

ආගමට මුවා වෙලා රට අවුල් කරන්න හදන උන්මත්තකයෙක් .මේ වගේ එවුන් ජීවිතාන්තය දක්වාම හිර ගෙදර තියන එක තමයි හොඳ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site