
(එම්.සුසිල් පියන්ත )
අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට බෝම්බ පහාරයක් එල්ල කිරීමට යුද හමුදා සෙබලුන් දෙදෙනාට යතුරු පැදිය දුන්නේ යැයි කියන යතුරු පැදි කාර්මික ශිල්පියා වතුගෙදර කුරුඳුවත්තේදී සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.
පාතාල කියාකාරකම් සහ මත් ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට ඩුබායි රටේ සැගවී සිටින අයකුගේ ඉල්ලීමට යතුරු පැදිය ලබාදී ඇති බව විමර්ශනවලදී හෙලිවූ බවද පොලීසිය කියයි.
යතුරු පැදි කාර්මික ශිල්පියා එම යතුරු පැදිය වර්ණය වෙනස් කොට වෙනත් වර්ණයක් ගසා තිබූ බවත් එහි බෝම්බයක්ද තිබී ඇති බවත් පොලීසිය කියයි.
සැකකාර යුද හමුදා සෙබළු දෙදෙනා බෝම්බ පහාරය එල්ල කර තිබුණේ පෙරේදා (26)අලුයම් කාලයේදී වන අතර එම බෝම්බ ප්‍රහාරය එල්ල කර පලා යමින් සිටියදී අම්බලන්ගොඩ සංගාමික යතුරු පැදි ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට පශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගන්නා ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd