(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)
බිමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වරද පිළිගත් නිසා නුවරඑළිය මහේස්ත්‍රාත් ජී.ජී. ප්‍රදිප ජයසිංහ මහතා ඔහුට තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු 1500ක් ගෙවන ලෙස නියෝග කර රියැදුරු බලපත්‍රය මුදාහරිනු ලැබීය.
මෙසේ තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු 1500ක් ගෙවන ලෙස නියෝග කරනු ලැබුවේ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන මනතුංග මුදියන්සේලාගේ සුමිත් නිමල් මනතුංග යන අයටයි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉකුත් (27) දින අධික ලෙස බීමත්ව ඔහුගේ නිල රථය වන PK -7021 දරන කැබ් රථය පදවාගෙන හැටන් කුඩාගම ප්‍රදේශයේ සංචාරක හෝටලයකට ගොස් එම හෝටලයේ සේවකයන් බීමත්ව සිටිනවා ද යන්න පරික්ෂා කිරීමට පැමිණි බව පවසා ඇති අතර එහිදී එම සංචාරක හෝටලයේ පාලන අධිකාරිය තම හෝටලයේ කිසිවකු බීමත්ව සේවයේ යෙදී නොසිටින බවත්, බීමත් අය පරික්ෂා කිරීමට පැමිණෙන විට ඔබතුමා බීමත්ව නොපැමිණෙන ලෙසටත් කළ ප්‍රකාශයෙන් පසු උරණ වී පිටව ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කොටගල ප්‍රාදේශීය රෝහලට ගොස් ආපසු නුවරඑළිය දක්වා සිය නිල රථය ධාවනය කරමින් සිටියදී ඊට පසුපසින් යතුරුපැදි දෙකකින් ගමන් කළ දෙදෙනකු පුද්ගලයකු බීමත්ව කැබ් රථයක් ධාවනය කරන බවට තලවකැලේ නගරයේ රාජකාරි කටයුතු සිදු කරමින් සිටි තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරින්ට කළ දැනුම්දීමක් මත එම නිලධාරින් කැබ් රථය නවතා පරික්ෂා කිරීමේදී එහි රියැදුරු අධික ලෙස බීමත්ව සිටි නිසා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර පසුව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රටක් එක නීතියක් කෝ..දොස්තරට 1500 අපිට 25000යි මාස තුනක් ලයිසන් කැන්සර් ඇයි එහෙම?
අපරාදේ උසාවි දැම්මේ ෂැක්
දඩමුදල ඉතාමත් වැඩියි අභියාචනාවක් දමන්න
එකොහොමද එහෙම වෙන්නේ ඥානෙස්සර හාමුදුරුවනේ. බීලා අහුනාම බැලුම පිම්බුවාම අනිවාර්යෙන්ම බීලා සිටිබව අසුවෙනවා. මම බිව්වා කියලා අමුතුවෙන් පිළිගන්න දෙයක් නැහැ. මොකද රු. 1500 දඩයක් ? මෙයා ගාවට බෙහෙත් ගන්න යන්න වෙයි කියලා බයටද? අපි අසුඋනොත් අපිත් වරද පිලිගන්නවා එත් දඩය 25000. එක රටක එක නීතිය බල්ලට ගිහිල්ලාද අපේ හාමුදුරුවනේ.
එක රටක් එක නීතියක්