(පද්මසිරි ගාර්දියවසම්)

බීමත්ව රිය ධාවනය කළේ යැයි සැකපිට හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා  අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මාර්ග යතුරුපැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු අම්බලන්තොට රොටවල හන්දිය අසලදී කැබ් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි රියදුරු බීමත්ව සිටින බවට අනාවරණය කර ගෙන ඇත .

පසුව ඔහු පොලිසියට රැගෙන විත් සිදු කළ  පරීක්ෂාවේදී   රියදුරු බීමත්ව සිටින බවට තහවුරු වී තිබේ .

පසුව රියදුරු හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා බවට අනාවරණය වී තිබේ .

ඔහු හම්බන්තොට මහ නගර සභාවේ බලය හිමිකර ගෙන සිටින සමගි ජන සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.

පසුව සැකකරු පොලිස් ඇප මත මුදාහැර තිබේ . ලබන 09 දා ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට නියමිතය .