
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කල්එළිය තුනේ කනුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පියා සහ දාහතර හැවිරිදි දියණියක මරුමුවට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි . මෙසේ මියගොස් ඇත්තේ කල්එලිය මීරිගම පාර අංක 52 ලිපිනයේ පදිංචිව සිටි චන්දන නිශාන්ත 54 මහතා සහ නෙවින්දි දිල්ෂිකා 14 දැරියයි .
මියගිය දියණිය මීරිගම බණ්ඩාරනායක මහා විදුහල මහ විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
උපකාරක පන්තියකට සහභාගි වූ දියණිය බසයෙන් බැස ඒ ආසන්නයේ වූ නිවස කරා පියා විසින් කැඳවා ගෙන යමින් සිටියදී පිටු පසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් දෙදෙනා හප්පා නොනවත්වා පලා යද්දී කල්එලිය නගරයේ දී පොලිසිය විසින් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි .
පියා සහ දියණිය අනතුරට පත්ව ඇත්තේ නිවස පේනතෙක් මානයේ දීමය. තත්පර දෙක තුනක කාලයක් පමණක් ගත වූයේ නම් ඔවුනට නිවසට යාමට පවා කල් වේලා තිබූ බව පොලිසිය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙකට තමා ලොව් තුරා බුදුරජානන් වහන්සේ වඩාලෙ පුර්වෙ කරපු අකුසල් කියලා.
අපරාදෙ වටිනා ජිවිත අකලට පරවෙනව
මේ වගේ රියදුරන්ට අවුරුදු 15කට නොඅඩු සිර දඬුවම් අනිවාර්ය කල යුතුයි.
බොහොම කනගාටුදායක මරන දෙකක්. රියදුරාව බෙරගන්ට ඔනෙතරම් කට්ටිය බැහැලා වැඩ කරයි. නමුත් අහින්සක පවුලෙ අයට කාගෙ පිහිටක්ද. ? දෙදෙනාටම නිවන් සුව පතමි.
හරිම දුක හිතෙන පුවතක්!!! කාටවත් මෙහෙම නොවේවා!!!
තුඃ විතරක්..නීතියෙන් කවදාවත් නියම දඞුවම නොලැබෙන නිසා මෙහෙම එවුන්ගෙ දෙපා කඩල අයිනක දාල තියන්න ඕන දිවිය පුරාවටම.
මෙ වගෙ අපරාද කරන මුන්ට මරන ඳඩුවම දෙදෙ
දෙදෙනාටම නිවන් සුව පතමි.
අනේ මේ පුංචි කෙල්ලගේ මූණ දකිද්දී පපුව හෝස් ගාලා දැවෙනවා. පවු අහිංසකාවි දුවටත් තාත්තාටයි අජරාමර නිවන්සුව. අයියෝ පුතේ
නිදහසේ පාරකවත් යන්න බැරි මුඩුක්කු ශ්‍රී ලංකාව ...
" රූමත් මල් කැකුල දිවි ජයගනු පිණිස ... පියා සමග පන්තිය වෙත ගෙන වෙහෙස ... ඉගෙනුම ගැන සිතා එය ජයගෙන විගස ... මැව් එම සොඳුරු සිහිනය බොඳ වුණි මෙලෙස ... "
හප්පලා පලා ගිය නරැමයා…..
මේ බීමත් රියැදුරන්ට "රත්ගම" ප්‍රතිකාරය ලබා දිය යුතුය.
සක්කිලි බල්ලා හෙන ගහපන් තොට
ඇත්තටම කඳුළු ආවා .රෝස පොහොට්ටුවක් වගේ දුවෙක්.අම්මට මොන දුකක් ඇතිද .දුවේ ඔයාගේ තාත්තාටත් නිවන් සුව පතනවා .වැරදිකරු සමහරවිට නීතියේ සිදුරු වලින් රිංගලා යයි .හැබැයි එයා ආපහු ඇවිල්ලා හරි මේකට ගෙවන එක නම් අපිට නවත්තන්න බැරි වෙයි
තව තවත් වැඩි වැඩියෙන් රට පුරාම තැබෑරුම් විවෘර්ත කිරීම ,මත්පැන් බෙදාහැරීමෙන් වලකින්න