IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බොන්න වතුර ඉල්ලා ගැමියෝ මහ පාරට බසිති

(එම්. කේ. නන්දසේන සහ  අමල් සම්පත් ශ්‍රී)

ලුණුගම්වෙහෙර, පඩිකැපූ හෙල සහ සීනුක්කුව පිළිමහෙල, තම්මැන්නාව ගම්මානයන්හි ගම්වැසියන්ට බීමට ජලය ලබාදෙනලෙස ඉල්ලමින් ලුණුගම්වෙහෙර ජල සම්පාදන මණ්ඩලය අභියසට පැමිණ උද්ගෝෂණයක නිරතවූහ.

" දියව් දියව් වතුර දියව්, බොන්න අපට වතුර දියව්, ඡන්දෙ ගන්න ගමට වරෙව්, කොස්ස අපේ අතේ තියෙයි, ජනපති තුමණි, මෙි අහන්න, දරු පවුල් 100 පිපාසයෙන් " යනාදී පෝස්ටර්,බැනර් ඔසවා මෙම පිරිස සාමකාමී අයුරින් උද්ගෝෂණය පවත්වා අවසන් කළහ.

මෙම ගැටළුවට පිළිතුරක් බලාපොරොත්තුවෙන් ජලසම්පාදන කාර්යාලය වෙත පිවිසීමට උත්සාහ කළද ආරක්ෂක නිළධාරීන් අවස්ථාව ලබා දුන්නේ නැත.

ලුණුගම්වෙහෙර කතරගම මාර්ගයේ සීනුක්කුව, පඩිකැපූ හෙල, පිළිමහෙල, තම්මැන්නාව යන ප්‍රදේශයන්හි දරු පවුල් සියයකට අධික පිරිසකට පාණීය ජලය නොමැති බවත්, ලුණුගම්වෙහෙර ජලසම්පාදන මණ්ඩලයෙන් පාණීය ජලය ලබාදෙන ලෙස අවස්ථා ගණනාවක් ඉල්ලා සිටියත් වසර 10 ක් ඉක්මවා ඇතැත් කිසිදු ප්‍රථිචාරයක් නොමැති බවත් මෙම පිරිස පකාශ කළහ.

 



අදහස් (2)

බොන්න වතුර ඉල්ලා ගැමියෝ මහ පාරට බසිති

Mh Mohan Thursday, 14 September 2023 06:26 PM

ඔය කොස්ස ඡන්දෙ කාලෙට විසිකරන්න.

:       1       1

ලුම්බිණි Thursday, 14 September 2023 10:12 PM

වෙඩි කන්නයි වෙන්නේ වතුර ඉල්ලලා. ආ ඒ ජනාධිපතිතුමා දැං නෑ නොවේද? හැබැයි බලාගෙන හොඳේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site