(පද්මසිරි ගාර්දියවසම්)

අගුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට සුරුට්ටු 10 ක් රැගෙන යාමට තැත්කල බන්ධනාගාර නියාමකවරයකු අද උදේ 08 ට පමණ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිළධාරින් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට පත් බන්ධනාගාර නියාමකවරයා බුත්තල ,ඌව පැල්වත්ත , උඩ අරාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .

සැකකාර නිළධාරියා සහ දුම්කොළ සුරුට්ටු 10 වැඩිදුර විමර්ශන කටයුතු සදහා අගුණකොළපැලැස්ස පොලිසියට බාරදී තිබේ .