(නිමන්ති රණසිංහ )
සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් බන්ධනාගාරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් මේ වන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව, උද්ඝෝෂණයේ යෙදුණු රැඳවියන් වැලිකඩ බන්ධනාගාරයට කරන ලද අලාභහානි සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව මගින් තක්සේරු වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
අදාල තක්සේරු වාර්තාව කැඳවීමෙන් පසු පොලිසිය සමඟ ඒකාබද්ධව එම රැඳවියන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට පියවර ගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත නැගී උපවාසයක නිරත වූහ.
බන්ධනාගාර වහලය මත රැඳී සිටිමින් උපවාසයේ යෙදුන රැඳවියන් අට දෙනක්ඊයේ 27 රාත්‍රී එම වහලයෙන් බැස්සීමටද බන්ධනාගාර තීරණය කර තිබිණ.
වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රැඳී සිටි සිරකරුවන් 10 දෙනෙකු බන්ධනාගාරයේ වහලයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කළේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ මෙම අදහස් මිට පෙර කීපවතාවක්ම සදහන් කර ඇති නමුත් නැවතත් සදහන් කරන්නෙමු. අපගේ ගෙදර වහලටවත් අපට ඉතා ඉක්මනින් නැගීමට නොහැකිමුත් බන්ධනාගාරයක වැනි ස්ථානයක වහලට නැගීම කෙසේ වෙතත් වහලට නැගීමට තිබෙන ස්ථානවලට රැදවියන්ට ලගාවිමටවත් නොහැකි වෙන ලෙස ඒ ඒ ස්ථාන අරක්ෂකලයුතු නොවේද ? මේ සදහා ස්ථිර වශයෙන්ම ඇතුලතින් නිලධාරීන්ගේ උදව්වෙන් සිරකරුවන් වහලට නගින්න ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු. එය තේරුම් ගැනුමට මහා ලොකු ඥානයක් අවශ්‍ය නොවන බවවත් නොදත් මහජන මුදලින් සියලු සැපසමත් සහිතව ඉහල වැටුප් ලබන ඉහල නිලධාරින් යයි කියන මී හරකුන්ට නොතේරීම අවාසනාවකි.