( සුමිත් පොතුපිටිය )
ජීව අත්බෝම්බයක් හෙරොයින් මත්කුඩු ළග තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටින ‘මොරටුවේ ජැක්කා‘ නමැත්තා ට ලබාදීම සඳහා රැගෙන පැමිණි ජංගම දුරකථන දෙකක් ඇතුළත් තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .
මොරටුව, මෝදර වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
සැකකරු බන්ධනාගාරයට රැගෙන පැමිණි පාර්සලය බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂා කිරීමේදී 3G ජංගම දුරකථනයක් , කුඩා ජංගම දුරකථනයක්, සිම් කාඩ් පතක් ,හෑන්ඩ්ස් ෆ්‍රී එකක් සහ චාජරයක් සොයාගෙන ඇත.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd