(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා දිවයිනේ බන්ධනාගාර දහයක රැඳවියන් තම ආහාර වේලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නව මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, මහර බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය, යාපනය බන්ධනාගාරය, මොණරාගල බන්ධනාගාරය, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය සහ මඩකලපුව බන්ධනාගාරවල රැඳවියන් සිය ආහාරවේලක් ආපදාවට පත්වු ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ "ටොපි" කාලා ඔබලා බඩගින්නේ ඉන්නේ නැතිව, කල පව් වලට පසුතැවිලි වෙලා දැන්වත් තියන විදිහට කාලා හිටපල්ලා මෝඩ මිනිසුනේ... ඔය යෝජනා ගෙනෙන ඔතන ඉන්න ලොක්කෝ, බන්ධනාගාර රෝහලේ සිටින අහිංසක රෝගීන්ට ඔය ආහාර වේල පූජා කරන්න කියලා නොකිව්ව එක තමයි මට නම් පුදුම..? අනික, බඩගින්නේ ඉඳලා ලෙඩ වුණාම උඹලව රෝහල් ගත කරන්න නියෝග දෙන දොස්තරලත් ලංකාවේ නැහැ.