
(සුමිත් පොතුපිටිය)
මම පාළම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් හිටියා. අම්මේ අම්මේ කියල පොඩි දරුවෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුනා. ගඟ දිහා බලනකොට කාන්තාවක් ගඟට වැටිලා ගසාගෙන යනවා. මම කැම එක පැත්තකට විසිකරල ගඟට පැන්නා යැයි බේරුවල පාදාගොඩ පදිංචි චතුරංග සදරුවන් මහතා පැවසීය .
සැමියා සමග ඇති කර ගත් ආරවුලකින් පසු දරුවන් දෙදෙනා බෙන්තර පාලම මත තබා අඩි 40ක් පමණ ගැඹුරු බෙන්තර ගඟට පැන්න දෙදරු මව බේරාගත් අභිත තරුණයා අප සමග එසේ පැවැසුවේය.
අලුත්ගම රිවර් ඇඩ්වෙන්චර් වෝටර් ස්පෝර්ට් ඇන්ඩ් ඩයිව් සෙන්ටර් හී බෝට්ටු ක්‍රියාකරුවකු ලෙසින් සේවය කරන චතුරංග සංචාරකයන්ට බෙන්තර ගගේ සුන්දරත්වය නැරඹීමට අවස්ථාව සලසන තරුණයෙකි.
සිය ආදරණීය දියණිය සහ පුතා පලම මත තබා බෙන්තර ගඟට පැන දිවි නසා ගැනීමට උත්සාහ කළ 33 හැවිරිදි දෙදරුමවගේ දිවිගලවා ගැනීමට සමත් වූයේ ඔහුය.
තමා මුහුණ දුන් ඒ ත්‍රාසජනක සිද්ධියේ අත්දැකීම් කියා පාමින් සඳරුවන් නැවත හඩ අවධි කළේය.
ගඟට වැටී පාවි යන කාන්තාව පසුපස මා පිහිනා ගියා. ඇය ළගට යනවිට රළ පහරට හසුව ඇය නොපෙනී ගියා. යළි එක්වරම ඇය උඩට එනවිට අතින් අල්ලා ගොඩට පිහිනුවා.
ගඟෙන් ගොඩට ගත් ඇය 1990 සුවසැරියෙන් බෙන්තර ප්‍රාදේශීය රෝහලට රැගෙන ගියා. පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා බළපිටිය මුලික රෝහලට ඇතුළත් කළ බව දැනගන්න ලැබුණා.
බලංගොඩ කලපේඩිගම, වැලිපතයාය ලිපිනයේ පදිංචි මෙම දෙදරු මව ඌරගස්මංහන්දිය පදිංචි කාන්තාවක්. ඌරගස්මංහන්දිය, බෙලිගස්වේල්ල, ජෝන්කඩය ප්‍රදේශයෙන් විවාහවී සිටින ඇය සැමියා සමග නිතර නිතර ආරවුල් පැවැතියේ. බලංගොඩ අධිකරණයේ දික්කසාද නඩුවක් පවතින බව පොලිසිය සදහන් කරයි.
දෙදෙනාට සමායෙන් සිටින ලෙස අධිකරණයේ ලබදී ඇති උපදෙස් පරිදි චතුරාණී දරු දෙදෙනා සමග ඌරගස්මංහන්දියට යාමට පැමිණ ඇති අතර , ස්වාමි පුරුෂයා එයට විරෝධය පෑම නිසා ඇය දරු දෙදෙනා පාළම අසල පදික වේදිකාව මත තබා අලුත්ගම දෙස සිට ගාල්ල දෙසට ඇති පළමු පාළමේ වම්පසින් අඩි 40 ක් පමණ උසක සිට ජලයට පැනීමට තීරණය කර ඇත්තේ කළ හැකි වෙනත් දෙයක් නොමැති නිසාය.
"පුතේ මම ගඟට පැන්නට පස්සේ ඔයා නංගිවත් අරගෙන ගඟට පනින්න" යැයි අම්මා කියූ බව නම හැවිරිදි පුතා සදහන් කරයි.
දිවිනසා ගැනීමට උත්සාහ කළ කාන්තාවගේ සීයා සහ සොහොයුරකු අද අලුත්ගම පොලිසිට පැමිණ ඇති අතර දරු දෙදෙනා භාරගැනීම ඔවුන් කැමැත්ත පළ කර ඇතැයි ද සදහන් වේ.
මව ගඟට පැනීම නිසා පාලම මත තනිවූ දරු දෙදෙනා ආරක්ෂිත ආකාරයට අලුත්ගම පොලිසිය රැගෙන ඒමට එහි ස්ථානාධිපති හා කාන්තා පොලිස් කාර්යංහය කටයුතු කළේය. අනතුරුව ඔවුනට අවශ්‍ය ආහාර පාන ලබාදී දුන්නේය. මාස එක හමාරක් වයසැති සිඟිත්තිය පොලිස් මව්වරු තුරුළේ නැළෙවෙන අයුරු දුටු කාගෙත් නෙතට කඳුළක් එක්කරන්නක් විය.
අලුත්ගම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. ප්‍රියන්ක කුමාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක නිරෝෂනීගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ගෙ නම ගම දැම්මට මහ හොරු ගන ලියන්නෙ සියල්ල සගවල.
ජාතික වීරයෝ කියන්නේ මේ වගේ යට. සජිත් වගේ පපඩමුන් ට නොවේ.
බොහෝ ප්‍රදේශවල ජනතාව කියන්නෙ බෙන්තර ගගෙන් එගොඩ සිට බළල් පැටියෙක් වත් ගේන්න එපා කියලා තමයි ඒතරම් සතෙකුවත් විශ්වාස නොකලයුතු පැත්තේ මිනිහෙක් කොහොම විශ්වාස කරන්නද.එහෙම මිනිස්සු අතරේ බෝට්ටුවෙ හිටි චතුරංග මඩවලක පිපුන නෙලුමක් වැනි උතුම් මිනිසෙක් කියන්න පුළුවන්
චතුරංග ඔබට බෙහොවින්ම ස්තුති වන්ත වෙමි. මෙවැනි ඉතාමත් දුක්මුසු සිද්ධීන් දිනපතාම ලංකාවේ සිව්කොනින්ම අසන්නට ලැබේ. රටට සිදුවි ඇති විනාශය ගැන මට දිනපතාම අසන්නට ලැබේ. ඉතාමත් වේදනාට පත්වෙමි. අහිංසක දු දරැවන්ගේ අනාගතයට සිදුවී ඇති අහේනිය. මේවා කාට කියන්කද? මිනිසුන් පිඩාවෙන් පීඩාවටම පක්වී හමාරය. මානසිකත්වය දැඩිලෙසම බිදවැටි ඇත.
" නීතිය රකින නිළ ඇඳුමට යටින් ඇතී ... පිරිසිඳු පොලිස් මව් හදවත් සෙනෙහෙ කැටී ... ගෙනදී සැබෑ දරු සෙනෙහස පාන සැටී ... දැක තුටු කඳුළු පිරුණා දෙනෙතකට වැටී ... "
ඔබ නියමයි සහ ඔබට බොහෝම ස්තූතියි.
මේ ජීවිතය බේරාගත් වීර පුරුෂයාට අපගේ ප්‍රණාමය ... මේ වැනි සැබෑ මිනිසුන්ට උපහාර දැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.
චතුරංග සඳරුවන් මහතාගේ උතුම් ක්‍රියාව බෙහෙවින්ම අගය කරමි.
ඔය ගැහැනිය නම් දරුවන්ට ආදරය තියෙන කෙනෙක් නම් මෙමෙයි. දරුවන්ව නැවතත් එයාගෙ භාරයට පත් නොකිරීමත් නිලදරින් වග බලා ගත යුතුයි. එමෙන්ම දරුවන්ට දිවිනසා ගැනීමට අනුබල දීමට සහ එම ක්‍රියාව සඳහා පෙලබවීමක් ඇති කිරීමට කටයුතු කිරීම සම්බන්දයෙන් එයට ඩන්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලබා දිය යුතුයි.
ඔබ වැනි වීර පුරවැසියන් රටට අවශ්‍යම මොහොතයි මේ...සියලු දෙවි රැකවරණ ලැබේවා ඔබතුමාට...
ඔබගේ උතුම් ක්‍රියාවට දෙවි පිහිටයි.
දරුවන් දරුකමට හදා ගන්න දහස් ගනන් ඉන්නවා. ක්‍රමවේදය සරල කළා නම් මෙවැනි දරුවන්ට ලොකු උදව්වක් වේවි.
නියම වැඩක්. හොඳින් කළා සහෝ.
සැමට ස්තුතියි.
ඇයි මේ එඩිතර තරුණයාව "බෝට්ටු කරු" කියල දානවට වඩා ගෞරව පුරස්වර පාඨයක් යොමු කරන්න තිබුණනෙ. "කම්මනා හෝති බ්‍රාහ්මණො" ලියපු මෙයාට ජාන විකෘතියක්ද? හැබැයි එහෙම අයත් නැතුවම නොවේ.
දියේ ගිලෙන අය බේරා ගැනීම අති දුෂ්කර කටයුත්තක්. බොහෝ විට දෙදෙනාටම අත්වන්නේ මරණය. ඔබ සැබෑම දක්ෂයෙක්. සහෝදරය, ඔබට උත්තමාචාරය ! තෙරුවන් සරණයි.
ආර්ථිකව හා සමාජියව පිරිහුණු මේ සමාජය අන්තීමට මිනිසුන්ට ඉතුරු කරලා තියෙන්නේ සියදිවි නසා ගැනීම විතරයි. එයින් මිදෙන්නට හැකිවෙලා තියෙන්නේ ස්වල්ප දෙනෙකුට විතරයි. බහුතරක් මියදෙන්න බැරි ජීවත්වෙනවා. චතුරංග සහොදරයා ඔබට බෙහෙවින් ස්තුතියි
දියේ ගිලෙන කෙනෙකුගේ ජීවිතය බේරාගන්නවා කියන්නේ තමන්ගේ ජීවිතයත් අවධානමේ .මනුස්සකම නැති කුහකත්වය පිරුණු මේ සමාජයේ අපිට ඔබ සැබෑ වීරයෙක් .ඔබට දීර්ඝායුෂ
ඔබගේ උතුම් ක්‍රියාවට දෙවි පිහිටයි.
මෙවැනි වැඩ කිරීමට ශක්තිය ලැබේවා... තෙරුවන් සරණයි...
ජල රකුසා පැරදවූ වීරයාට දිරිය ශක්තිය... දිගාසිරි පතමු.
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිස්සු ඇත. චතුරංග ඔබගේ නිර්භීත සේවයට මෙය උපහාරයක් වේවා!
දිවි පරදුවට තබා ඔබ කල වීර සෙල්ලම් අපි අගය කරමු. ඔබට තවත් යෝධ බල සවිය හා දිගාසිරි පතමූ. ආයූබෝ වේවා හිතවත.
මම ආසයි ඒ ගෑනු කෙනාව දරුවන් දෙන්නා එක්කම බාරගන්න...