
(අංජුල මහික වීරරත්න)
බණ්ඩි පොහොර හෙවත් MOP- Muriate of Potash මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව දෙසැම්බර් 02 දින කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම පොහොර තොගය කැනඩාවේ සිට මෙරටට ආනයනය කරන්නකි.ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර වලින් මෙම පොහොර තොගය මිල දී ගනු ලබන බව අමාත්‍යාංශය පවසයි.
බණ්ඩි පොහොර වී වපුරා හෝ පැළ සිටුවා සති 04 හා 06 වශයෙන් අවස්ථා දෙකක් තුළ යෙදිය යුතුය. මෙවර ගොවීන්ට නිසි කලට බණ්ඩි පොහොර ගොයමට යෙදීමට අවස්ථාව සැලසෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මෙවර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හෙක්ටෙයාර් 01ක් සඳහා නිර්දේශිත බණ්ඩි පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 60කි. එම ප්‍රමාණය මුර දෙකක් ඇතුලත කිලෝ ග්‍රෑම් 25 හා 35 යන ප්‍රමාණයන්වලින් ගොයමට යෙදිය හැකිය.
COMMENTS