(ඩී.කේ.රත්න)
චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු කරන්නේද යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි බව බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (28) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු දියතලාවට රැගෙන ඒමෙන් පසු රෝගී තත්වයකට පත්වුව හොත් එම රෝග පරීක්ෂා කිරීම සඳහා පහසුකම් මෙම ප්‍රදේශයේ ඇති විශාලතම රෝහල වන බදුල්ල පළාත් මහ රෝහලටවත් නොමති බවත් එවැනි තත්වයක් මත නැවතත් එම රෝගියා පරීක්ෂණ කටයුතු වෙනුවෙන් නැවතත් කොළඹට රැගෙන යාමේදී ගැටළු රාශියකට මුහුණදීමට සිදුවන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
දියතලාව යුද හමුදා කඳවුරේ හමුදා නිලධාරීන් සිටින ස්ථානයක් වුවද එම ස්ථානයේ සිටින වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය මෙවනි වසංගතයක් පැතිරීයාම නතර කිරීමට ප්‍රමාණවත් නොමැති බවත් එමෙන්ම මෙම යුද හමුදා කඳවුර අවට නිරෝගී ජනතාවක් වෙසෙන අතර මෙවනි වෛරසයක් ආසාධිත පිරිසක් රට කෙළවරේ සිට රට මැදට රැගෙනවිත් තවත් ගැටළුවක් ඇති කිරීම වැළැක්වීමට බලධාරීන් නිසි තීන්දු තීරණ ගත යුතු බවත් බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුකුත් කියන්න එපා වැඩකරන අපේ විරුවා කරන වැඩ වලට
ඇයි නළල රැලි කරගෙන මේ ඉන්නේ, වර්ජනය කරන්න භයද?
කතාව සහතික ඇත්ත. දුරදිග නොබලා ගත්ත තීරණයක්.
සහතික ඇත්ත ,මෙතනට ගෙන ඒමෙන් අදහස් කරන්නේ කුමක්ද ? කොළඹ ඈයෝ මේ රෝගයට බය වෙලාද?
පොඩ්ඩක් ඉන්න. 2/3 ගැන මිස වෙන දෙයක් මේ වෙලාවේ හරියට ඔලුවට එන නෑ. ඔයාල පුළුවන් විදියට කරන්න. අපි වෙන මොනා කරන්නද.
ලෙඩවලට බය වෙදැදුරෙක් දැක්කමයි.
නූගත් අය ඒ තැනට දාපුවම ඔහොම තමයි. දුක් වෙන්න එපා.
චීනයේ සිටින දරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට තීරණය කළ මොහොතේ පටන් පළවන පුවත් වලට කට්ටිය දමන අදහස් දැක්කම අපේ මිනිස්සු මොනතරම් සාරධර්ම වලින් ඈත් වෙලාද හිතෙනවා. ඒ දරුවන්ව ගෙන්න ගන්නේ නැතිව මුහුදට දාන්නද ? කුහක ආර්ත්මාර්ථකාමි මිනිස්සු.
ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරලා ගානක් හොයාගන්න පුළුවන් ලෙඩක් උනානම් ඔහොම නළල රැළි ගැහෙන්නේ නැහැ. බලන්න තිබුනා හිනාවෙන හැටි එක කනක ඉඳන් අනිත් කනටම යනකල් කට ඇරලා.
දොස්තර මාෆියා නඩය ප්රතිලාභ බලාපොරොත්තු උනාට මේ දොස්තර මහත්වරු කියන දේට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් සවන් දිය යුතු වෙනවා.
අනේ අහෝ මිනිසුනේ තිරිසන් නොවන්න
ඔය තීරණය ගත්තු කොමිටියේ ඔයාලගේ පාදෙනියත් ඉන්නවා. එයාගෙන් අහලා ස්ට්‍රියික් කෙරුවොත් නරකද?
අමු තකතීරු තීරණයකි. මාධ්‍ය වාර්තා අනුව මෙය ජනාදිපති තුමාගේ තීරණයක් වන අතර එය විශේෂ කමිටුව අනුමත කර ඇත. දුකට කරුණනම් මහා උගතුන් වැඩකරුවන් ලෙස පෙනී සිටි කමිටු සාමාජිකයන් මෙවැනි තීරණ අනුමත කිරීමය. රජයේ ප්රමුඛ කාර්යය විය යුත්තේ සැක සහිත අවදානම වැඩි පුත්ගලයන් ආරක්ෂිතව වෙන්වෙන්ව තබා නිරීක්ෂණය කිරීමට ආරක්ෂිත නවාතැනක් සැකසීමය. මුල් වටයට කාමර 100 -200 පමණ ගොඩනැගිල්ලක් හෝ කීපයක් කොළඹ ආසන්නයේ වහාම සුදානම් කල යුතුය. ටික දිනකින්ම බොහෝ රෝගීන් ගානක් කොළඹට මාරුකර එවීමට ඉඩ ඇති අතර එය කළමනාකරණයට සුදානම් විය යුතුය.
කොළොඹ ඉඳලා දියතලාවට යන්න අඩුම පැය 5ක් ආසන්නව ගතවෙනවා. අනික හමුදා කඳවුරක ඉද්දි සෙබළුන්ගේ ජිවිත වලට ඇති අවධානම? මේවා මේ දේශපාලකයෝ ගන්න තීරණ.
කතාව ඇත්ත.
එනපොට හොඳ නැහැ කියලා ලෙඩ්ඩු ගෙනෙන්න කලින්ම මාරුව දාන්නද හදන්නේ. අනිත් රෝහල්වල සිය ගණනක් කට්ටියව එකවර මොනිටර් කරන්න පහසුකම් නැතිබව පෙනෙන්නේ නැද්ද. චැනල් කරලා බෙහෙත් ගන්න එවනවා කිව්වා නම් ඔය නලල්වල හැදුනු රැලි ගිහින් මුහුණේ හිනා රැලි මතු වේවිද කියලත් හිතෙනවා.
මේ ඇමතිනීට කිසිම දැනුම හෝ සිතීමකට හැකියාවක් නැත.
ටික කාලෙකින් සද්දේ දාන්න බැරිඋනා නේද? ළමයි ටික දෙමවුපියන් සමාජයට මුදාහළහොත් මොකද වෙන්නේ? නැතිනම් කොහේහරි එකතැනක තියන්න වෙනවා නිරීක්ෂණ අවසන් වනතුරු විත්තිය දන්නෙම නැද්ද?
ඇමතිනිය විශේෂඥ දොස්තර කෙනෙක්නෙ. එයාගෙන් උපදෙස් ගන්න. එක්කෝ අර දොස්තර සංගමේ ලොකු ලේකම් තුමාගෙන්.
ඔස්ට්‍රේලියාව ඇතුළු අනිකුත් දියුණු රටවලිනුත් චීනයේ සිට ගෙනෙන විශාල සංඛ්‍යාවන් ඇත්නම් එක තැනක රඳවලා නිරීක්ෂණය කරන්න ප්ලෑන් කරනවා. රවින් කියලා තිබෙනවා වගේ ළමයි තමන්ට ඕන විදිහට ගියොත් මේ දොස්තරලා මොකද කරන්නේ. මේ තමයි අඩුම අවදානම් ක්‍රමය. අනික වසංගත පැතිරීමේ අවදානම ශීත දේශගුනයේදී අඩුයි, කොළඹ වගේ රස්නේ පැතිවල වැඩියි.
මොවුන් ලංකාවේ කොහේ හෝ රැදවිය යුතුය. දියතලාව තෝරා ගැනීමේ වරදක් නොපෙනේ. අඩුවෙන්ම බාහිර පරිසරයට නිරාවරණය වන ස්ථානයක් ලෙස හමුදා කඳවුරු තෝරාගත හැකිය. මත්තල හෝ කටුනායක හරහා ගුවනෙන්ම දියතලාවට ගෙන යාමට සැලසුම් කරන්නට ඇති. රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ගුවන් මගින්ම අයි ඩී එච් ගෙන යා හැක. මොවුන්ව නිරන්තර පරික්ෂාවට ලක් කිරීමට අවශ්‍ය කරන පහසුකම් ගුවන් හා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් තුල හා බදුල්ල හා දියතලාව රෝහල්වල ඇතැයි විශ්වාස කරමි. අවස්ථාවාදී වෘත්තිය සංගම් වලින් මෙවැනි මාධ්‍ය හමු වලට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක.
ගත්ත තීරණය හරි, සහ සුදුසුම තීරණයක්, කොළොඹ හොස්පිටල් ෆුල්, ඒක අස්සේ චීනෙන් ආපු අය එක බැස්සුවම කොළඹ මොකද වෙන්නේ. අවදානම වැඩි සහ සීග්‍රයෙන් බෝවීමේ වැඩි අවදානමක් තින්නේ කොළඹ.
මමත් දියතලාව කඳවුරේ ඉදලා තියනවා. දවල්ට ගිණි අව්ව. රෑට සීතල. උණ නැති අයටත් උණ ගැනෙන එක සාමාන්‍යයි.
යහපාලන රජයේ වැඩ වගේ නොවෙයි විද්‍යාත්මකව ඇමතිකම් පවරා තිබෙනවා. ඇමති මණ්ඩලයේ ඉන්න වෛද්‍යවරයට වැවිලි කර්මාන්ත ඇමතිකම පවරා තිබෙනවා.
වැඩ කරන විරුවත් හිතන තරම් මොලයක් නැති මිනිහෙක් කියලා තේරෙනවා නේද? මහලොකුවට වියත් මගවල් වැඩ කලාට තාම කරන්නේ පරණ සිස්ටම් එකේම වැඩ.
සෙනඟ ගැවසෙන තැන් වලට යන්න එපා කියනවා ... තාම පාසැල් නිවාඩු ෙදෙන්න තීරණය කරල නෑ පාසැල්වල දරුවන්ට අත සෝදන්න සබන් කැටයක්වත් තියන්න උපදෙස් දීල නෑ. දරුවන්ගේ ජීවිත අනතුරට හෙලලා රජය අපකීර්තියට පත්වෙයි කියලා නිවැරදි තීරණ ගන්නෙ නෑ. කාට කියන්නද.....
දොස්තර මාෆියාවක් මෙතනට අදාළ නැත. දොස්තර සංගමය කියන කාරණා සාධාරණය. මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යය ගැන තීරණ ගැනීම දේශපාලුවන්ට හෝ පරිපාලන සේවයේ ඉන්නවුන්ට අදාල නැත. තීරණ ගත යුත්තේ වෛද්‍යවරුන්ය. බල්ලාගේ වැඩේ බූරුවා කිරීම ලංකාවට ආවේනික ලක්ෂණයකි.
ලලිත් එම්.මහත්මයානෙනි, ජනතාව නොමග යවන බොරු කතා ගොතන්න එපා. ඇමතිනිය විශේෂඥ දොස්තර කෙනෙක් නොවේ.
වෛද්‍ය සේවය දොස්තර කෙනෙකුට දෙන්න ඕනි.
දැන් පේනවා නේද, හදිසි විශාල ආපදාවකදී අපේ රට කොපමණ සූදානම් වෙලාද ඉන්නේ කියලා... බොරුවට ක්යිවාරු ගහනවා. දැන් පේනවනේ මුහුණට බඳින මුකවාඩමක් නැති කොට...