(යොහාන් භාසුර)
බදුල්ල පළාත් මහ රෝහලේ පාලනාධිකාරිය එම රෝහලේ ආපනශාලාව වසරකට රුපියල් ලක්ෂ 50කට ආසන්න අලාභයක් වන ලෙස අඩු ගෙවීම ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට ලබාදී ඇතැයි එම රෝහලේ සේවකයෝ පවසති.
එම රෝහලේ ප්‍රධානියෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු එකතුව පසුගිය ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙම ආපනශාලාව ටෙන්ඩර්ය පසුගිය වසරේ අග ප්‍රදානය කර ඇති බව ද සඳහන් වේ.
මෙම ආපනශාලාව පවත්වාගෙන යෑමට මසකට රුපියල් ලක්ෂ 8 ක ගාස්තුවක් ඉදිරිපත් කර තිබියදී ලක්‍ෂ 4 ක් ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට ආපනශාලාව දී ඇති බව කියන සේවකයෝ එම රෝහලේ පාලනාධිකාරියේ ප්‍රධානියෙක් එම ටෙන්ඩරය වැඩි ලංසුවක් ඉදිරිපත් කළ පාර්ශවයට නොදී අඩු ලංසුවක් ඉදිරිපත් කළ පාර්ශවයට දී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසිදු අඩුපාඩුවක් හෝ නොමැති තත්වයක් තුළ බව ද සදඟන් කරති.
එම ටෙන්ඩර්කරු සහනදායී නොවන මිල ගණන්වලට අහාර අලෙවි කිරීම, සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමින් ආහාර පාන අළෙවි කිරීම සිදුකරන බවට රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි විරෝධයක් එල්ල වී ඇති බව ද පැවසේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බදුල්ල පළාත් මහ රෝහලේ කැන්ටිම අඩු ලංසුවට දීලා
Chandanie Friday, 31 March 2023 04:05 AM
සාමාන්‍යයෙන් රජයේ ආයතන වල ටෙන්ඩර් දෙනවිට එම ආයතනයේ නිළධාරින් හා සේවකයින් සදහා ඉතාමත් අඩුමිලට පහසුකම් සලසන්න ඕන සුබ සාධක සංගමයේ නිළධාරින් සදහා නොමිලයේ දෙන්න ඕන රෝගීන් සදහාත් ඔවුන්ගේ නෑයින් හිතවතුන් තමයි අසාධාරණ ගාස්තු ගන්න පුළුවන් වෙන්නෙ එනිසා පාවිච්චියට ගන්න විදුලිය ජලය හා ගොඩනැගිලි කුලිය ප්‍රමාණවත් මුදලක් ගන්න සුබ සාධක සංගමයේ කට්ටියම හිතන්න ඇති එහෙම නැත්නම් රෝහල් අධ්‍යක්ෂ හිතවත් කෙනෙක් ලවා කැන්ටිම කරනවා ඇති
de silva Friday, 31 March 2023 07:27 AM
ආණ්ඩුවේ අනික් සමාගම්වන, ශ්‍රී ලන්කන් ඛනිජ තෙල් වැනි ආයතනවල ප්‍රධානින්ට සැලකූ ආකාරයටම මේ රෝහල් බලාගාරයත් නිදහස් කරාවි. ඉන්පසුවත් මෙවැනි වැරැදි ඔවුන් දිගින් දිගටම කරාවි. අන්තිමට අපි සියලු දෙනාටම වෙන්නේ මේ රටේ ජීවත් වෙන්න බැහැ කියලා බෝට්ටුවකට නැගලා ඉන්දියාවට හෝ යන්න. මිනිස්සු උද්ඝෝෂණ කළ යුත්තේ මෙවැනි දූෂිත නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්න කියලා. රටට අවශ්‍ය වන සිස්ටම් චේන්ජ් එක මේක...