
(යොහාන් භාසුර)
බදුල්ල පළාත් මහ රෝහලේ පාලනාධිකාරිය එම රෝහලේ ආපනශාලාව වසරකට රුපියල් ලක්ෂ 50කට ආසන්න අලාභයක් වන ලෙස අඩු ගෙවීම ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට ලබාදී ඇතැයි එම රෝහලේ සේවකයෝ පවසති.
එම රෝහලේ ප්‍රධානියෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු එකතුව පසුගිය ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙම ආපනශාලාව ටෙන්ඩර්ය පසුගිය වසරේ අග ප්‍රදානය කර ඇති බව ද සඳහන් වේ.
මෙම ආපනශාලාව පවත්වාගෙන යෑමට මසකට රුපියල් ලක්ෂ 8 ක ගාස්තුවක් ඉදිරිපත් කර තිබියදී ලක්‍ෂ 4 ක් ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට ආපනශාලාව දී ඇති බව කියන සේවකයෝ එම රෝහලේ පාලනාධිකාරියේ ප්‍රධානියෙක් එම ටෙන්ඩරය වැඩි ලංසුවක් ඉදිරිපත් කළ පාර්ශවයට නොදී අඩු ලංසුවක් ඉදිරිපත් කළ පාර්ශවයට දී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසිදු අඩුපාඩුවක් හෝ නොමැති තත්වයක් තුළ බව ද සදඟන් කරති.
එම ටෙන්ඩර්කරු සහනදායී නොවන මිල ගණන්වලට අහාර අලෙවි කිරීම, සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමින් ආහාර පාන අළෙවි කිරීම සිදුකරන බවට රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි විරෝධයක් එල්ල වී ඇති බව ද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් රජයේ ආයතන වල ටෙන්ඩර් දෙනවිට එම ආයතනයේ නිළධාරින් හා සේවකයින් සදහා ඉතාමත් අඩුමිලට පහසුකම් සලසන්න ඕන සුබ සාධක සංගමයේ නිළධාරින් සදහා නොමිලයේ දෙන්න ඕන රෝගීන් සදහාත් ඔවුන්ගේ නෑයින් හිතවතුන් තමයි අසාධාරණ ගාස්තු ගන්න පුළුවන් වෙන්නෙ එනිසා පාවිච්චියට ගන්න විදුලිය ජලය හා ගොඩනැගිලි කුලිය ප්‍රමාණවත් මුදලක් ගන්න සුබ සාධක සංගමයේ කට්ටියම හිතන්න ඇති එහෙම නැත්නම් රෝහල් අධ්‍යක්ෂ හිතවත් කෙනෙක් ලවා කැන්ටිම කරනවා ඇති
ආණ්ඩුවේ අනික් සමාගම්වන, ශ්‍රී ලන්කන් ඛනිජ තෙල් වැනි ආයතනවල ප්‍රධානින්ට සැලකූ ආකාරයටම මේ රෝහල් බලාගාරයත් නිදහස් කරාවි. ඉන්පසුවත් මෙවැනි වැරැදි ඔවුන් දිගින් දිගටම කරාවි. අන්තිමට අපි සියලු දෙනාටම වෙන්නේ මේ රටේ ජීවත් වෙන්න බැහැ කියලා බෝට්ටුවකට නැගලා ඉන්දියාවට හෝ යන්න. මිනිස්සු උද්ඝෝෂණ කළ යුත්තේ මෙවැනි දූෂිත නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්න කියලා. රටට අවශ්‍ය වන සිස්ටම් චේන්ජ් එක මේක...