
(සමන් පාලිත නානායක්කාර)
පවතින අධික වර්ෂාව සමඟ අද( 22) බදුල්ල පස්සර මාර්ගයේ එකසිය තිස් දෙක වැනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේ දී මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වුවද ඒවා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය.
මෙම ස්ථානයේ ගල්කුලු සහිත පස් කන්ද කඩා වැටී මාර්ගයේ මන්තීරු දෙකම අවහිර වී තිබුණද බැකෝ යන්ත්‍ර ආධාරයෙන් ඒවා කඩිනමින් ඉවත් කර මාර්ගය ගමනාගමනය සඳහා සකස් කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
මේ දිනවල පවතින අධික වර්ෂාව මධ්‍යයේ බෑවුම් සහිත මාර්ගවල රථවාහන ගමනාගමනයේදී දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රථ වහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd