
(ඩි.ජි.සුගතපාල)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මෙයට මාස තුනකට පමණ පෙර අත් හිටුවා ඇති බවත් ඔහු ව්‍යාජ තොරතුරු සපයා වෙනත් තාවකාලික බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදි අනාවරණය විය.
මෙම රියදුරු අක්මිමණ පොලිස් වසමේ ලබුදුව ප්‍රදේශයේදි ඉකුත් අගෝස්තු 05වනදින යතුරුපැදි කරුවෙකු හප්පා පලාගොස් ඇති අතර පසුව පොලිසිය ඔහු සොයාගෙන ගොස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය රුපියල් පන් දහසක දඩයක් නියමකොට ඔහුගේ රියදුරු බලපත්‍රය මාස පහකට අත් හිටුවා ඇත.
උඩුගම පදිංචි මොහු පසුව රියදුරු බලපත්‍රය නැතිවු බවට උඩුගම පොලිසියේ අසත්‍ය පැමිණිල්ලක් දමා එක්දින සේවාව යටතේ රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇත.
අක්මිමිණ පොලිසිය මෝසමක් මගින් අද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳ කරුණු වාරතා කළේය.
එහිදි ඉදිරිපත්වු සියලු කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය එම රියදුරු බලපත්‍රය අදාල රියදුරුට මුදා නොහැර අධිකරණය බාරයේ රඳවා තැබිමට නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර ලොකු වරදක් කරලත් දඩේ 5,000? ලංකාවේ නීතිය 48න් පස්සේ අලුත් කරලා නැහැ වගේ...
හරි නම් මෙයාව රස්සාවෙන් එළවන්න ඕනෑ...!
ඔය රියදුරු සේවය කලේ රජයේ ආයතනයක නිසා අධිකරණය ඔහුට පැනවූ රියදුරු බලපත්‍ර තහනම පොලිසිය නොදන්නවා වෙන්න බැහැ එහෙම නම් රියදුරු බලපත්‍රය නැතිවුණා කියලා පැමිණිල්ල පොලිසිය භාර ගත්තේ කොහොමද? අධිකරණය රියදුරු බලපත්‍ර තහනම් කලා කියලා පොලිසිය කේඩීයූ වෙත දැන්නුවා නම් වටිනා ජීවිත දෙකක් දැයට අහිමි වෙන්නේ නැහැ මෙම රියදුරු සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න ඕනෑ. අවුරුදු 76 ක් තිස්සේ දේශපාලුවන් මෙහෙම කළා වුණත් අලුත් ජනාධිපති යටතේ මෙහෙම දේවල් නොවේවි කියලා හිතමුකෝ...!
ආරක්ෂක අංශවල සේවය කරන රියදුරන් නියාමනය කළ යුතුය. බොහෝ අයවලුන් මාර්ග නීති තුට්ටුවකට නොපිලිපදිති.
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී එක් දින සේවයේ භයානක බවක් පේනවා.එනිසා ඒකට ක්ෂනික හා විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕන. සාමාන්‍යයෙන් එක් දින සේවය සදහා අයදුම් කරන විට අදාළ ප්‍රදේශයේ පොලිස් වාර්තාවක් ගැනීම අනිවාර්ය කලානම් අනාගතයේ රටේ සම්පත් දෙකක් වීමට තිබුණ මල් කැකුලු දෙකක් අහිමි වෙන්නේ නැහැ.
බස් රථය කේඩියු බස් එකක්.. කේඩියු එකේ රියදුරන් ගන්නේ පාලානාධිකාරියේ අධීක්ෂණ කරන්නේ නැද්ද?
සිස්ටම් එකක් නැතිකම තමා . නැත්නම් ඉතින් අලුත් ලයිසන් එක හදද්දිම අහුවෙන්න ඕන . ජීවිත කාලෙටම ඇතුලට යවන්න ඕන
කොතනද වැරැද්ද? සියලුම පරිගණක පද්ධති සහ ලේඛණගත තොරතුරු එක පොලිස් ඒකකයකට නොගැනීමේ වැරැද්ද නේද?