(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මූලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිකාරීවරයා සහ කළමනාකරණ සහකාර සහකාරවරයෙකු රුපියල් 30000/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳ ඇතිරිලී සෝදා පවිත්‍ර කිරීම සඳහා ලබාගෙන ඇති ටෙන්ඩරයට අදාළව මාර්තු මසට අයවිය යුතු ගාස්තුව සඳහා ලබාදිය යුතු චෙක් පත නිදහස් කිරීම සඳහා රුපියල් 30000/= ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේ අල්ලස් චෝදනා මත එම රෝහලේ ගිණුම් අංශයේදී අත්අඩංගුවට ගෙන ඇත.