
(නිමන්ති රණසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(14) නියෝග කළේය.
ජනාධිපති මැතිවරණ සමයේදී මහජන මුදල් අවභාවිත කරමින්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ජනතාව රැගෙන ගියේ යැයි කියන සිද්ධියකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරිණි.
ඒ අනුව, එම විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා වෙතද අධිකරණයෙන් දන්වා යවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැවුල කපලා ගියොත් කොහොමද අල්ලන්නේ.. ?
බෝට්ටුවක නැගලා මෙලහකටත් යන්න ඕන දිහාවේ ගිහින් ඇති.
අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවා වගේ. රට විහිලු මේවා.
විමල් විමල් කෝ මේ විමල්..? කලින් පාරත් නොකියාම ගියා. මෙලහටත් ගිහින් ද දන්නේ නැහැ..
20ට එකඟ නම් ප්‍රශ්නයක් නැහැ. පාස්පෝර්ට් එක ගෙදරටම ගෙනත් දේවි.