(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

"ජනතාවට සහන නැති - බදු බර වැඩි කළ , රාජ්‍ය දේපල විකුණන - රටම යළිත් ණය කරා රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අයවැයට එරෙහි නැගිටිමු " .යන මැයෙන් අන්තර් සමාගම් සේවක සංගමය 5 සහ 6 දෙදින පුරා සිදුකිරීමට නියමිත රජයට එරෙහි උද්ඝෝෂන මාලාවක් ස්ථාන කීපයකදි පැවැත්විණි

එහිදි රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් බදු බර වැඩි කළ අයවැයක් , පාලකයින්ට සැප ජනතාවට දුක ,රටම ණය කරවන තවත් අයවැයක් රාජ්‍ය දේපල විකිණීම වහා නවතනු ,යනුවෙන් සඳහන් විරෝධතා වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ හ .

සමගාමීව සිලෝන් බිස්කට් සමාගමේ සේවක සෙවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවති උද්ඝෝෂණය කොට්ටාව මාකුබුරේ පිහිටි සිලෝන් බිස්කට් ආයතනය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා 200කට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ .

ලංකා ගුරු සංගමය වෘත්තීය සමිත් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කළ උද්ඝෝෂණය බොරැල්ල හන්දියේදී පැවැත්විණි

(ඡායාරූප: ගයාන් අමරසේකර)

(ඡායාරූප: ශාන්ත රත්නායක)