(ජේ.කේ.එල්. චාමින්ද)
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබු අ.පො.ස උසස්පෙළ තෙවනවාර විභාග පරික්ෂණයේ බෞද්ධ ශිෂ්ඨාචාරය විෂයේ ii වැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සමග පිළිතුරු ද මුද්‍රණය කර තිබි ඇත.
අද (05) උදෑසන 11.30ට බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට අදාල දෙවැනි ප්‍රශ්න පත්‍රය සිසු දරු දැරියන්ට ලබාදිමට නියමිතව තිබුණි.
ප්‍රශ්නපත්‍ර කට්ටලය විවෘත කරන අවස්ථාවේ බෞද්ධ ශිෂ්ටාචාර ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සමග පිළිතුරුද සදහන්කර ඇති බව දැනගෙන තිබේ.
ප්‍රශ්න පත්‍රයේ මුල් පිටුවේ ප්‍රශ්න 08ක් සදහන් කර ඇති අතර 02,03,04 යන පිටුවල එම ප්‍රශ්නවලට අදලා පිළිතුරු සදහන්කොට තිබි ඇත.
පසුව කළාප අධ්‍යාපන කාර්යාල මගින් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පමණක් ඇති මුල් පිටුව ඡයා පිටපත්කොට ලබාදෙන ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දි ඇත. මේ නිසා පාසල්වල විදුහල්පතිවරුන් ද දැඩි අසරණ තත්වයට පත්වුහ.
ඇතැම් පාසල්වල ඡයාපිටපත් යන්ත්‍ර නොමැති අතර මේ නිසා එම පාසල්වල විදුහල්පතිවරු නැවත ප්‍රශ්න පමණක් ඡයාපිටපත් කිරිමේ දි ගැටළු රැසකට ලක්වුහ.
මේ පිළිබද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත්යාපා මහතාගෙන් අප කළ විමසුමකදි කීවේ දරුවන්ට ලබා දී ඇත්තේ ප්‍රශ්න පත්‍ර පමණක් බවයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝමයක් රජයේ සේවකයින්ගේ හැටි. උද්ධච්ඡ කමයි ගොං කමයි. වෙන මුකුත් නැහැ. වැඩේ කියන්නේ ඉතිං ඉගෙන ගත්තු උපාධියට සරිලන රස්සාවක් හොයා ගන්න බැරුව පාරේ ඉදලා ආණ්ඩුවෙන් දෙනකම් ඉන්නවා රස්සාව. ඇවිත් ගොඩාක් අය උඩ බලන් ඉන්නවා. පේනවනේ වැඩ වල තරම.
ඉතින් හොඳයිනේ... යාපනයේ එක කාලෙක මෙහෙම දේවල් වුණා උසස්පෙළ විභාගයේදී. මඩකලපුව පැත්තේ මුහුණ වහගෙන ඉන්න ගැහැණු ළමයි උත්තර කියනවලු කිව්වේ කවුද කියලා හොයාගන්න බැහැලු කියලා ගුරුවරු කිව්වා. මේක වාර විභාගයනේ... ඉතින් මහ ලොකු ප්‍රශ්නයක්ද?
විභාගෙනම් කැන්සල් කලා. ඒත් මේකේ වියදම පියවන්නේ කවුද?. දැන් කියනවා අලුතින් 18 ඉඳන් ආපහු සෞන්දර්ය විෂය සහ ගෘහ විද්‍යා තියෙනවා කියලා. එතකොට සාමාන්‍ය ඉංග්‍රීසි විෂය දකුණට හරියන්නේ නැද්ද? කාල සටහන් හදන්න දක්ෂ අධ්‍යක්ෂකවරු දකුණට නැතිවද? සැලසුම් කරන්නේ කවුද?