
(ඉන්දිකා රාමනායක සහ බුද්ධික කුමාරසිරි)
බෞද්ධ හා පාලි සරසවිය සියලු සිසුන් සඳහා විවෘත නොකිරීම ඇතුලු ගැටලු විසදීමට බළධාරීන් වහාම කටයුතු කල යුතු බවට පවසමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මගින් හෝමාගම පිටිපන මංසන්ධියේ දී පැවැත් වූ සත්‍යග්‍රහයට කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරැවා හැරීමට පොලිසිය කටයුතු කළේය.
"සිසු දඩයම නවත්වනු" සියලුම සිසුන් සදහා විශ්ව විද්‍යාලය විවෘත කරනු" "ස්ථීර උප කුලපති කෙනෙකු පත් කරනු" සහ මාස දෙකකට පමණ ආසන්න කාලයක් වසා දමා තිබෙන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන ලෙසත් විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම නතර කරන ලෙසත් ශිෂ්‍ය භාවය අත්හිටුවා තිබෙන ශිෂ්‍යයන් 39 දෙනාගෙ ශිෂ්‍ය භාවය ලබා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ බල කළහ.
උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි සිසුන් පසුව සත්‍යක් ග්‍රහයක් සඳහා අට්ටාලයක් සෑදීමට සුදනම් වන විට හෝමාගම පොලිසියේ නිලධාරීන් ඊට විරෝධය ප්‍රකාශ කිරීමත් සමඟ උණුසුම් තත්වයක් තත්වයක් ඇතිවිය.
පසුව අට්ටාලය ඉවත් කිරීමට යාමේදී පොලිසියේ උසස් නිලධාරියකු ට තුවාල සිදු වූඅතර යලී ශිෂ්‍යයන් අට්ටාලය ඉදිකර තිබූ ස්ථානයේම සත්‍යග්‍රහය ආරම්භ කළහ.
එම සත්‍යග්‍රහය ආරම්භ කර පැයකට පමණ පසු එම ස්ථානයෙන් පිටව යන ලෙස පොලිසිය දැනුම් දීමක් කළද භික්ෂූන් වහන්සේ ඉවත් නොවූ බැවින් ජල ප්‍රහාර සහ කදුලු ගෑස් එල්ල කර පිරිස විසුරැවා ලීමට කටයුතු කරන ලදී.
එම කදුලු ගෑස් වැදීමෙන් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කුඩා දරැවන් කිහිප දෙනෙකුද පීඩාවට පත්ව සිටි ආකාරය දක්නට ලැබුණි .
(ශාන්ත රත්නායක)

කේ.බුද්ධික කුමාරසිරි




2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෞද්ධ විශ්ව විද්‍යාලයේ සිසුන් විසුරුවන්න කඳුළු ගෑස්
Lal Wednesday, 22 February 2023 08:46 PM
විකාර... බෝතලේ නැතිව අමාරු ඇති...!
කුරුණෑගල සමිත හිමි කුරුණෑගල Wednesday, 22 February 2023 11:03 PM
මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල මාහිමියන් මහාචාර්ය කාක්කපල්ලියේ ශ්‍රී අනුරුද්ධ මාහිමියන් ප්‍රථම උපකුලපති ලෙස... ඔය සරසවිය පටන් ගත්තේ ශාසන මාමක තරුණ භික්ෂූන් බිහිකිරීමේ බලාපොරොත්තුවෙන්... එයට ශිෂ්‍ය සංගම් පිළිලය වැළඳී දේශපාලන තෝතැන්නක් වුණාට පස්සේ පිරිගෙන්න පටන් ගත්තා. ඔය සරසවිය අනිත් සරසවිවලට වඩා වෙනස් නිසා පක්ෂ දේශපාලනයට ඉඩ නොතිබිය යුතුයි. ගිහි ශිෂ්‍ය, ශිෂ්‍යාවන් බඳවා ගැනීම ආරම්භ වීමත් පිරිහීමට පාදක වූ කාරණයක්. එක්කෝ ඕක විසිරුවා දාන්න.
Jcn Thursday, 23 February 2023 09:54 AM
ඔන්න ඕක විවෘත කරලා දෙන්න අනේ... බණ භාවනා කරලාම මහන්සියිනේ..
dhamneth Thursday, 23 February 2023 10:12 AM
මේ චීවරධාරීන් නම් ශාසනය විනාශ කරන්න ආපු කට්ටියක් මිසක්, බුදුදහම ආරක්ෂා කරන කට්ටියක් නෙවෙයි. පන්සිල් රකින ගිහියෝවත් මෙහෙම හැසිරෙන්නේ නැහැ.