(විමුක්ති එස් රුද්‍රිගු)
බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශය හොංකොංහි සදබි වෙන්දෙසි සමාගම් කාර්යාලය වෙත නීතිමය ලිපියක් ඊයේ(05) යවා ඇත.
සදබි වෙන්දේසි සමාගම මෙම පුරා වස්තු එකතුව හොංකොං ඩොලර් මිලියන 100 කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 386 කට පමණ) ඇස්තමේන්තු කර තිබෙන බවත් මෙම වෙන්දේසිය පිළිබඳව සියලුම තොරතුරු එක්රැස් කරගැනීමෙන් පසුව වෙන්දේසිය නතර කරන ලෙස නීතිමය වශයෙන් දැනුම් දුන් බවත් ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එසේම ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයද වෙන්දේසියට මැදිහත් වී ඇති අතර එම ආයතනය හොංකොංහි ඉන්දීය කොන්සල් ජනරාල්වරයාට දැනුම්දී ඇත්තේ හොංකොං බලධාරීන් වහාම මේ සම්බන්ධයෙන් දැනුම්දී වෙන්දේසිය නතර කිරීමට කටයුතු කරන ලෙසය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බෞද්ධ පුරාවස්තු වෙන්දේසිය නවත්වන්නැයි ඉන්දියාවෙන් ලිපියක්