
(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
මැදපෙර දිග කලාපයේ නිර්මාණය වී ඇති යුදමය තත්වය හේතුවෙන් රටේ බලශක්තිය ඉතිරි කිරීමේ මූලික පියවරක් ලෙස බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (16) පැවසීය.
අත්‍යවශ්‍යසේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ නිවේදනය කළේය.
ඒ අනුව සෑම සතියේ දිනම බදාදා රජයේ නිවාඩු දිනයක් වන අතර සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව යන ආයතනවලට එම නිවාඩුව බලනොපැවැත්වෙන බවත් පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ආයතනවලට බදාදා නිවාඩුව හිමිවන බවත් ඒ මහතා කීය.
සියලුම රාජ්‍ය උත්සවය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටු වූ බව කී චන්ද්‍රකීර්ති මහතා බදාදා නිවාඩුව වාණිජ මණ්ඩලය සහ ලංකා සේව්‍ය සම්මේලනය හරහා පෞද්ගලික අංශයටත් අදාල කර ගැනීමට ඉල්ලීමක් කරන බව ද සඳහන් කළේය.
දැනට ක්‍රියාත්මක කර ඇති කිව්ආර් ඉන්ධන ප්‍රමාණයන් පොදුවේ නිකුත් කර ඇති ප්‍රමාණයක් වන අතර සංචාරක, කර්මාන්ත, සෞඛ්‍ය, කෘෂිකර්මය සහ වැලිකර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ප්‍රමාණයන් ගණනය කර නිවේදනය කරන බවත් අත්‍යවශ්‍ය ආහාර බෙදීමට ඇතුළු ප්‍රවාහන අත්‍යවශ්‍ය ප්‍රවාහන කටයුතු සඳහා ද ඉන්ධන ප්‍රමාණය ද ඉදිරියේදී තීරණය කර ඉන්ධන නිකුත් කිරීමට බලපොරොත්තු වන බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd