
(ඡායාරූපය-ළහිරු හර්ෂණ)
(යොහාන් භාසුර)
ආණ්ඩුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට හැකි ඉක්මනින් බදු සහන ලබා නොදුනහොත් ලබන අප්‍රේල් මාසය වන විට සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයම කඩාවැටෙන බවත් එසේ වුවහොත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවීම වැළැක්විය නොහැකි බවත් ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය අද (8) පැවසුවාය.
රටේ දළ දේශීය නිෂ්පාදිතයට විශාලතම දායකත්වය සපයන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විනාශ කිරීම ආර්ථික ඝාතනයක් බවත් වර්තමාන ආණ්ඩුව සහ බලධාරීන් එම ඝාතනය සිදු නොකළ යුතු බවත් ඇය අවධාරණය කරන්නීය.
මහ බැංකු අධිපතිවරයා ව්‍යාපාරිකයන්ට සහන දෙන ලෙස බැංකුවලට කටවචනයෙන් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නොවන බව කී අබේසුන්දර මහත්මිය ඒ සඳහා හැකි ඉක්මනින් චක්‍රලේඛනයක් නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවද සඳහන් කළාය.
ෙසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතුව ආනයනය කළ අමුද්‍රව්‍ය හා නිෂ්පාදන විශාල තොග ප්‍රමාණයක් මේ වන විට ගොඩගැසී ඇති බවත් ඒ හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම අඩු වීමෙන් ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති බවත් ඇය පැවසුවාය.
ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (8) එසේ පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු නොගත්තොත් රට ඉක්මනට වැටේවි. ලක්ෂයකට වැඩිය උපයන එකාට රුපියල් 5000 බදු ගෙවන්න බැරිද?
තව කොහාටද වැටෙන්නේ...? වියදම් කලමනාකරනය කරන්න....
අමුද්‍රව්‍ය ආනයනය කළේ කොහොමද සල්ලි නැතිනම්...? අනික අපනයන කරන භාණ්ඩ නිෂ්පාදනය කරන අයට ඩොලරය වැඩිවීම වාසියි නේද? දෙන සහනවලට අවශ්‍ය මුදල් පෞද්ගලික අංශයේම සේවකයින්ද බදු විදියට ගෙවන්න ඕනෑ...
ඔයාලාට හැමදාම බදු සහන දෙන්න ඕනෑ... කරන නිෂ්පාදනයක් තියනවා නම් අපනයනය කරලා ඩොලර්වලින්ම හොයා ගන්නකෝ... බදු නැතුව රටකට ආදායමක් කෝ...?
විකෘති අර්ථික කතාවක්.... මෙහෙම අය බිස්නස් කරන්නේ කොහොමද?