
(සුමිත් පොතුපිටිය)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව හඟවා හැඳුනුම්පත් සහ ව්‍යාජ ලේඛන පෙන්වා එම වෙළඳසැලෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගැනීමට උත්සහ කල පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ප්‍රදේශවාසීන් අල්ලා අලුත්ගම පොලිසියට භාරදී තිබේ.
අලුත්ගම දර්ගා නගරයේ වෙළඳසැලකට ඇතුළු වූ දෙපළ බදු නොගෙවා ඇති බව දන්වා ඒ සඳහා රුපියල් ලක්ෂ 10 ක හිඟ මුදලක් ඇති බව දන්වා තිබේ.
වෙළඳසැල් හිමිකරු ඔහුගේ පුතාට මේ බව දැනුම් දුන් පසු පුත්‍රයා මෙම යුවළ වංචාකරුවන් බවට හඳුනාගෙන ගෙන ඇති අතර, ඉන් පසුව වෙළදසැල් හිමිකරු ප්‍රදේශවාසීන් එක්ව යුවල අලුත්ගම පොලිසියට භාරදී තිබේ.
අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම පුද්ගලයින් කණ්ඩායමක් අලුත්ගම ප්‍රදේශයට පැමිණ සිට ඇති අතර,මොවුන් දෙදෙනා අල්ලා ගැනීමෙන් පසු අනිත් පුද්ගලයින් එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
637
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු නිලධාරීන් කියා මුදල් වංචා කරන්න ගිය යුවළ මාට්ටු