
(සුමිත් පොතුපිටිය)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව හඟවා හැඳුනුම්පත් සහ ව්‍යාජ ලේඛන පෙන්වා එම වෙළඳසැලෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගැනීමට උත්සහ කල පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ප්‍රදේශවාසීන් අල්ලා අලුත්ගම පොලිසියට භාරදී තිබේ.
අලුත්ගම දර්ගා නගරයේ වෙළඳසැලකට ඇතුළු වූ දෙපළ බදු නොගෙවා ඇති බව දන්වා ඒ සඳහා රුපියල් ලක්ෂ 10 ක හිඟ මුදලක් ඇති බව දන්වා තිබේ.
වෙළඳසැල් හිමිකරු ඔහුගේ පුතාට මේ බව දැනුම් දුන් පසු පුත්‍රයා මෙම යුවළ වංචාකරුවන් බවට හඳුනාගෙන ගෙන ඇති අතර, ඉන් පසුව වෙළදසැල් හිමිකරු ප්‍රදේශවාසීන් එක්ව යුවල අලුත්ගම පොලිසියට භාරදී තිබේ.
අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම පුද්ගලයින් කණ්ඩායමක් අලුත්ගම ප්‍රදේශයට පැමිණ සිට ඇති අතර,මොවුන් දෙදෙනා අල්ලා ගැනීමෙන් පසු අනිත් පුද්ගලයින් එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd