
(යොහාන් භාසුර)
ජනතාව මත කිසිඳු බද්දක් වැඩි නොකර රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමට හැකියාව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අද (17) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කඹුරුපිටියේදී පැවැති එම පක්‍ෂයේ රැස්වීමකදී එසේ පැවසීය.
මෙරට තුළ බදු නොගෙවන සුපිරි ජීවිත ගතකරන සල්ලිකාර පැලැන්තියක් සිටින බවත් එම පැලැන්තියේ ආදායම නිවැරදිව සෙවීමට ආණ්ඩුව බයක් දක්වන බවත් ඒ මහතා කීය.
ඔවුන්ගේ ආදායම් වියදම් නිවැරදි ආකාරයට වාර්තා නොවීම ගැටලුවක් වී ඇති බව කී පාඨලි චම්පික රණවක මහතා වෛද්‍යවරයාගේ වැටුප වාර්තා වීම නිසා එයට බදු ගැසුවද ධනපතියාගේ ආදායම වාර්තා නොවීම නිසා මෙම ගැටලුව ඇති තිබෙන බව ද සඳහන් කළේය.
ධනපතියාගේ ආදායම වාර්තා කරන ආකාරයට වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් අලුත් බදු අවශ්‍ය නොවන බවත් ජාවාරම්කාරයෝ තුන්හතර දෙනෙක් හොඳට හම්බ කරගෙන බදු නොගෙවන බවත් ඒ මහතා කීය.
රුපියල් කෝටි 5 ට වැඩියෙන් බදු ගෙවන පුද්ගලයන් 2500 ක් පමණ ද, එම ගොඩට හසුනොවූ පුද්ගලයන් 2500 ක් පමණ මෙරට සිටින බවත් ඔවුන්ගේ නියම ආදායම වාර්තා වන ක්‍රමයක් මාස පමණ කාලයකින් සකස් කළ හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
ළදරුවාගේ සිට මහල්ලා දක්වා සියලුම පුද්ගලයන්ගෙන් ලබන ජනවාරි මස සිට ආණ්ඩුව බැට් බද්දෙන් පමණක් රුපියල් 30,000 ක් බලාපොරොත්තු වන බවත් ආදායම අඩු වී තිබෙන ජනතාවට එවැනි බද්දක් ගොවිය හැකිද යන ගැටලුව මතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ සෑම දියුණු රටකම මහජනතාවගේ බදු මුදල් අයකරයි. එම මුදල් මහජන සුබ සිද්ධිය වෙනුවෙන් එම රටවල නැවත වෙනත් ආකාරයකට රටේ මහජනතාව වෙනුවෙන් යොදවයි. ලෝකයේ දියුණු රටවලද කූට ව්‍යාපාරිකයින් සිටි නමුත් එම රටවල් ඉතාම දක්ෂ ලෙස ඔවුන්ගෙන් බදු මුදල් ලබාගනී. රටවල් දියුණුව කරා ගමන් කරනු ලබන්නේ මහජන දායකත්වයෙනි. බදු මුදල් නොගෙවන කූට ව්‍යාපාරිකයින් සිටින්නේ නම් ඔවුන්ගෙන් මුදල් අයකර ගැනීම සඳහා සැලසුමක් රජයට/අදායම් බදු දෙපාර්තමේන්තුවට තිබිය යුතුවේ. කූට ව්‍යාපාරිකයින්ට චෝදනා කර පලක් නොමැත. රටේ දියුණුව පිළිබඳව සරලව සිතා කටයුතු කිරීමට සූදානම් සහ අවස්ථාවාදී දේශපාලන හැසිරීම් තුළින් තවදුරටත් ජනතාව රැවටිය නොහැක. තරුණයන්, උගතුන් වෙනත් රටවල රැකියාවන් කර එම රටවල අදායම් බදු ගෙවීම සිදුකරයි. බදු අයකර ගැනීමට අපොහොසත්ව තිබෙනුයේ රජයේ අදායම් බදු දෙපාර්තමේන්තුව වේ. එමෙන්ම රටේ පුරවැසියන්ද රජයන් පවත්වාගෙන යාමට සහන ලබාදීමට, පොලිසිය හමුදාවන්, පාසල්, රෝහල්, ජනසවිය, සමුර්ධි, පවත්වාගෙන යාමට බදු අයකිරීම සිදුවිය යුතුවේ. බදු නැතිව ආදායම වැඩි කළ හැකිය යන්න දේශපාලන වේදිකාවේ සිදුකරන්නා වූ දේශපාලන රඟපෑම් ප්‍රායෝගිකව කිරීමට නොහැක.
පාඨලි විමල්, ගම්මන්පිල, හර්ෂ, රමේශ් වැනි අය එකතුවිය යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි. තවත් එවැන්නන්ද එකතු කරගත යුතුය...
මම චූටි කාරණයක් කියන්නම්... ඇත්තටම ආදායම් සහතික ලබාදීමේදී එම සහතික නිකුත්කරන නිලධාරි සත්‍ය තත්වය හෙලිකරන්නේ නැහැ. ඔහු හෙළිකලොත් ඉන් ඉහළ නිළධාරින් ඒක වළක්වනවා. තවත් එකක් තමයි සමහර පුද්ගලයින් සිටින ප්‍රදේශවල ඔවුන්ට වත්කම් ඉතාමත් අඩුයි. නමුත් රටේ වෙන ප්‍රදේශවල තියෙනවා. ඒවා වෙනුවෙන් වෙනම සංගණනයක් කළොත් ඉතාමත් සාර්ථක වෙන්න පුළුවන්...
පාඨලී, ඔයත් හැම දෙයක්ම කියන්නෙ බලේ නැති වුනහම තමයි.ඔයා කරපු අපරාධ ටික බලාගතහැකි මාකූරට ගියහම. පැන්ඩෝරා පේපර්ස් වලට අසුවුන විද්‍යා කවුද.එයා ලග තියෙන සල්ලි කාගෙද.විද්‍යා නේද ඔයාගෙ හොදම සගයා.අනේ පාඨලී තව දුරටත් මේ රටේ ජනතාව රවටන්න එපා.ඔයත් අර වල්ලෙම කෙනෙක් තමයි.කිසි දවසක සාධාරණ සාමාජයක් බිහි වෙන්නේ නැහැ.මම මේව ගැන පුද්ගලිකව දන්න නිසා කියන්නෙ.ඔයා ඇහති කාලේ් ඔයාගෙ සහචරයෝ රට වටේම පූජස්ථානවල ගාල් කරල හිටිය.උන්ට පටිත් දුන්න. පැන්ෂන් ගිය හමුදාවෙ කට්ටිය. ඔය ගොල්ලො තමයි මේ රට මේ තත්වයට දාන්න උදව් කලේ.ඔයා දැන් බොරැ බයිල ගහනව.
තමුන් දැන්ද පුප්පන්නේ .ඒක අපිත් දන්නවා .රනියට හෝ මහින්දයට් ඕවා පැහැදිලි නොකළේ ඇයි .කොහොම නමුත් රට බංකොලොත් වීමට තමුනුත් කෙලින්ම වගකිව යුතුයි .පාටලී තමුසෙලා පඩි ගන්නේ ලැජ්ජා නැතුවද .රාජකාරිය ඉටු නොකර .සාප වේවා
රට කාබාසිනිය කල උන් ගැන ඇයි තමුන් කෙලිම්ම නොකියන්නෙ......තමුනුත් එවට වගකිව යුතුයි.
මොලේ තියෙන්නේ බලේ නැති කාලෙට විතරනේ
තමන් දන්නදේ විතරක් ආරෝපණය කරන්න ගියපු උන් හැමෝම කෙලවගත්තා . උඹට ජනපති හරි අගමැති වෙන්න ඕන නම් , දන්නා එවුන් ලන්කරගනින් .
අන්න එහෙම මිනිස්සුන්ට අත්පුඩි ගහන්න මොනවාහරි කියන්න.නැතිනම් මීළඟ පාර මනාප ටිකක් එකතුකරගන්න බැරි වෙනවා .හරියට සද්දේ දැම්මොත් වෙන පක්ෂයකට හේත්තු වෙන්නත් බැරිවෙන එකක් නැහැ
මනාළියන් අන්දවන හැඩ ගන්වන සහ පොදුවේ රූපලාවන්‍ය ස්ථානවල ලක්ෂ ගණන් ගණදෙනු සිදුවනුයේ නිත්‍යානුකුලව නොවේ. ලොකු පොඩි කම් අමතක කර බදු සහ දඩ අය කර ගත යුතු වේ.
පාඨලී නිතරම කරුණු සාක්ෂි සහිතව ඉදිරිපත් කරනවා. එය අගය කළ යුතුයි. මේ කරුණු 100% ක් ඇත්ත. බදු අයකිරීම සියලු දෙනාටම පොදු ක්‍රමයක් විය යුතුයි.
රටේ ජනතාවට බදු බර, බඩුමිල,තෙල් මිල,අධික විදුලි බිල හා ජල බිල,වරිපනම් බිල ඇතුළු අනේක විධ බිල් වලින් කිසිදු අඩුවක් නැහැ.දූෂිත පවුල් පාලනය සිදුකළ හොරකම් ගැන,ඒවා නැවත රටට ලබා ගැනීමට කිසිදු වැඩ පිළිවෙලක් ඇත්තේම නැහැ.රටේ මිනිසුන් විඳින දුක් පීඩා වල නිමක් නැහැ.දේශපාලුවන් රටේ සම්පත් හොරා කෑවා.ඒ පාපය අද ජනතාවට සාපයක් වෙලා. අනේ මේ රටේ ජනතාව මේ දේශපාලුවන්ගේ සාපයෙන් මිදෙන්නේ කාවදාද ? විපක්ෂයේ කණ්ඩායම්වලට පිටරට සහාය ගෙන රට කෑ හොරුන් අල්ලා හොරා කෑ දේ නැවත රටට ලබා ගැනීමට කිසිදු උවමනාවන් නැහැ. ඔවුන් කරන්නේද කුමන හෝ දෙයක් කොට ජන හිත් දිනාගෙන බලය අල්ලා ගැනීමට වෙර වැඩීමක් බවයි පෙනී යන්නේ.
මේ ගන් කබරයා තමා නියම ආර්ථික ඝාතකයා .2014 ආර්ථික වර්ධන වේගය 7% පමණ තිබුනා .යහපාලන හොර නඩේ ගෙනල්ලා ආර්ථික වර්ධනය 3% ට ගේනවා .රටේ ආරක්ෂාව බින්දුවට වැටුනා .පාස්කු ප්‍රහාරය ආවා .ඊට පස්සේ සංචාරක ව්‍යාපාරයත් වැටුනා
ආදායම වැඩිකරන එක නෙවෙයි වියදම අඩුකරන එකයි කරන්න ඔන. රජයෙ වියදමින් විශාල ප්‍රතිශතයක් අනවශ්ය වියදම්.
රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට අප රටේ කොතෙකුත් ක්‍රම ඇත. අවශ්‍ය වන්නේ ඒ සදහා නිසි සැලසුම් සහ ඒවා ක්‍රියාත්මක කල හැකි පුද්ගලයන් පත් කිරීමයි. නමුත් බදු ආදායමත් රජයකට අවශ්‍යම දෙයක්. එය කල යුත්තේ පුරවැසියාගේ ගෙල මිරිකා හෝ ලබා ගැනීම නොව මල නොතලා රොන් ගන්නා ආකාරයෙනි.
රාජපක්ෂලා හොරා කාපු ධනය හොයා ගන්න පුළුවන් නම් වැට් ගහන්න ඕන නැහැ
මෙන්න තව කවිකොළ කාරයෙක්...!
මිනිස්සුන්ට අද දවසේ බත් කට කන්නත් බැරි තත්ත්වයක් තියෙද්දී බදු ගෙවන්නේ කොහොමද අවසානයේ සිද්ද වෙන්නේ අපේ සිංහල ජනයා වද වෙන එක විතරයි පිට රටවල පරදේශක් කාරයන්ට යටත්ව බැල මෙහෙවර කරන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට තිබුනේ නිදහසේ මැරෙන්න විතරයි අන්තිමට අපිට එකත් නෑ