(යොහාන් භාසුර)

මුහුද මධ්‍යයේ යාත්‍රාවකව ස්ථාපිත බත්තල විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා එම බලාගාරය අද (25) පස්වරු 3.00 ට පමණ අක්‍රීය වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

එම විදුලිබලාගාරයෙන් මෙගාවොට් 60 ක් නිෂ්පාදනය කරන බවත් අක්‍රීය වීම නිසා එම මෙගාවොට් ප්‍රමාණය ජාතික විදුලි පද්ධතියටට මේ වන විට අහිමිවී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.