(යොහාන් භාසුර)
දේශීය වෙළෙඳපොල තුළ බිත්තර මිල දරාගත නොහැකි ලෙස ඉහළ යෑමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්‍ෂ 20 ක් රැගත් නෞකාව ලබන සෙනසුරාදා රාත්‍රී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම බිත්තර තොගය මේ වන විට නැව්ගත කර ඇති බවත් එම නෞකාව අද දිනයේ ඉන්දියාවෙන් පිටත් වීමට නියමිත යැයි දැනුම්දී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රනිල් ඩොලර් ඉතුරු කරගෙන ආර්ථිකය ගොඩදාන හැටි... විලි ලැජ්ජයි. අවුරුදු 46ක් දේශපාලනයේ නිරතවෙමින් රටේ විවිධ තනතුරු දරමින් කරපු හපන්කම...
අපේ රටේ ප්‍රෝටීන් අවශ්‍යතාව ලාභයටත්, ගුණාත්මකවත් සපයාගන්න පුළුවන් බහුලව ඇති මුරුංගා කොළ කෑමෙන්... මා සිටින රටේ මෙය මිලඅධික කෑමකි. අප මෙය සපයා ගන්නේ වියළි කුඩු ලෙසයි...
බිත්තර මිල දරාගත නොහැකිය කියන්නේ බොරුවක්. දේශීය සැපයුම ඉහළ දැමීමට උදව්වීම වෙනුවට ආනයනය මොනතරම් තුච්ඡ ක්‍රියාවක්ද?
බිත්තර ගොවියාට උදව් කරන්නේ නැතුව රටේ ඩොලර් පිට යවන හැටි හොඳට රනිල් හිතලා තියෙන හැටිනේ මේ...!
බිත්තර මිල පාලනයට පිටරටින් බිත්තර ගෙන්වනවා වෙනුවට, බිත්තර මිල ඉහළ යෑමට හේතුව සොයා එයට අවශ්‍ය පිළියම යෙදිය යුතුය.
දේශීය බිත්තර ගොවියා, කලු කඩකාරය කරන්නේ දේශීයා ශුරා කන ඵක,කොවිඩ් ශුරා කාපුවා මතකයි