
(යොහාන් භාසුර)
බිත්තර මිල දින කීපයක් තුළ ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
බිත්තර තොග මිල ඉහළ යෑම නිසා බිත්තරයක සිල්ලර මිල රුපියල් 23 ත් 25 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ කියති.
සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ නිලධාරියෙක් අද (23) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ සුදු බිත්තරයක් රුපියල් 22 කට සහ රතු බිත්තරයක් රුපියල් 23 කට තොග මිලට ඊයේ බිත්තර අළෙවි වූ බවයි.
කොළඹ ප්‍රදේශයට බිත්තර තොග සපයන බිත්තර නිෂ්පාදකයෙක් පැවසුවේ බිත්තරයක් රුපියල් 21 බැගින් ලබාදිය හැකි බවයි.
මේ අතර කුකුල් මස් මිල පානය ඉවත් කිරීමෙන් පසුව කුකුල් මස් මිල ද ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. පාලන මිල යටතේ රුපියල් 460 ක්ව පැවැති කුකුල් මස් කිලෝවක් මේ වන විට ඇතැම් ප්‍රදේශවල රුපියල් 660 ත් 710 ත් අතර මිලකට අළෙවි වන බව වාර්තා වේ.
බිත්තර සහ කුකුල් මස් ආනයනය සීමාවීමත් කුකුළු ගොවිපොළ ආශිත ද්‍රව්‍යවල මිල ඉහළ යෑමෙන් නිෂ්පාදන මිල වැඩි වීමත් හේතුවෙන් බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ ගොස් ඇති බව කුකුළු ගොවිපොළ ආශිත නිෂ්පාදන සමාගම් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සාධාරණ මිල වැඩි වීමක්. දේශීය ධාන්‍ය වලින් ස්වයංපෝෂිත වී සිටින අපට කුකුල් මස් අත්‍යාවශ්‍ය නැහැ. දේශීය අලවර්ග කොස් දෙල් කාලා අපිට හොඳ සෞඛ්‍ය තත්වයකින් ජීවත් වෙන්න පුළුවන්... සුද්දෝ තමයි අපිව මස්කෑමට පුරුදු කළේ. බඩ ගැනම නොසිතා රට ගැන සිතා ආහාර අවම කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙමු...
දුප්පතාට ප්‍රෝටින් ලබාගන්න තිබුනු එකම මාර්ගයත් දැන් ඇහිරුනා. අවුරදු ගානක් අකාර්යක්ෂමව, කිසිම ප්‍රතිපත්තියක් නැතුව හොරාකමින් වංචා කරමිනි ණය ගනිමින් රටවල් කරගෙන ගියාම බෙල්ල ලඟට එන දවසක් තියෙනවා කියාලා කිව්වේ මේක තමයි.