IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බිත්තර - කුකුළු මස් මිල පහළට


(යොහාන් භාසුර)

බිත්තර සහ කුකුළු මස් මිල සිල්ලර වෙළෙඳපොලේ මිල පහත බැස ඇතැයි කුකුලන් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරිකයෝ පවසති.

බිත්තරයක මිල රුපියල් 30 ට පහළ මට්ටමක පවතින බවත් සුපිරි වෙළඳසැල්වල කුකුළු මස් කිලෝවක මිල රුපියල් 750 ත් 850 ත් අතර මිල පවතින බවත් කුකුලන් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරිකයෝ කියති.

කුකුළු මස් සෙසු සිල්ලර වෙළෙඳසැල්වල රුපියල් 900 ක් දක්වා පහත වැටී ඇති බව කියන කුකුලන් ආශ්‍රිත නිෂ්පාදකයෝ සම රහිත කුකුල් මස් රුපියල් 1,000 ත් 1,100 ත් අතර මිලක පවතින බව ද සඳහන් කරති. 



අදහස් (10)

බිත්තර - කුකුළු මස් මිල පහළට

Hashan sanjula nicholas Monday, 10 February 2025 02:30 PM

කෝ මේකේ මාලිමාවට බනින වහල්ලු ටික නෑ නේ?

:       10       32

පොඩිඑකාMonday, 10 February 2025 03:11 PM

මාලිමාවට බනින බයියන්ගේ කටවල්වල, බිත්තර සහ කුකුල් කටු හිරවෙලා...!

:       6       16

D R Peiris Monday, 10 February 2025 02:50 PM

මිල වැඩි උනා නම් වහල්ලු පෝලිමයි (කුලී හේවායෝ ).

:       3       10

Kamal Koyrala Monday, 10 February 2025 02:56 PM

වහාම හිරුට සහ දෙරණට දැනුම් දෙන්න....

:       4       14

ලිමා Monday, 10 February 2025 03:36 PM

මාලිමා වහලො ඔය ගානට තියන කඩයක් තියන තැනක් මට කියන්නකො.

:       6       9

බත්කන හරකා Monday, 10 February 2025 04:20 PM

අපිට දැනට ඕන රතුහාලුයි, පොලුයි, ලයිටුයි විතරයි. ඒ ටික ලැබුණාම වෙන මොකක හරි අපි එල්ලෙන්නම්...!

:       6       8

FreemanHAT Monday, 10 February 2025 08:33 PM

ඔය කියන ගානට දෙන supermarket එකේ නමත් කරුණාකර පල කරන්න. ඒක පක්‍ෂ විපක්ෂ අපි කාටත් ප්‍රයෝජනවත්.

:       0       4

රුවන් Monday, 10 February 2025 08:37 PM

අපිත් ඔය ව්‍යපාර කරන හින්දා දන්නවා. ඔය ගානට දුන්නත් ලාභ ප්‍රතිශතය 25%ක්. හැබැයි මම කියන්නේ සුපර්මාකට් වල තියෙන කුකුල් මස් ගන්න එපා. ඒවා පිසු පසු බෙහෙත් රසක් වගේ එනවා නම් හෝර්මෝන ගහපුවා. අපි එවා පාවිච්චි කරන්නෙත් නෑ හැබැයි කුකුලා ලොකුයි. කුකුල් මස් ගන්නවා නම් මාකට් එකෙන් එදා මරණ ඒවා ගන්න.

:       1       1

පැරකුම් Monday, 10 February 2025 09:57 PM

ලිමා අපේ පැත්තෙ නම් බිත්තර ඕන තරම් තියනව රු: 27/- යි. සුපර් මාකට්වල නෙවෙයි පොඩි කඩවල

:       0       0

Dilan Tuesday, 11 February 2025 09:00 AM

ඇත්තටම කුකුල් මස් එහෙම ලොකුවට අඩුවෙලා නැහැ. ඊයෙත් හම රහිත කුකුල් මස් 1150. ඉතින් දැන් ඒ අයට 30% කින් විදුලිබිල අඩුවුණා, නමුත් තාමත් මාස කීපයක් තිස්සෙම රහිත කුකුල් මස් 1150. කොහෙද අඩුවක් තියෙන්නේ. කලින් රුපියල් 600 ගත්ත කුකුල් මස් මේ 1150 අපි ගන්නේ. මට තියෙන ගැටලුව 30% විදුලිබිල අඩුවෙලත් ඇයි මේවා අඩුවෙන්නේ නැත්තේ..?? කුකුල් මස් විතරක් නෙවෙයි, 30% ක් විදුලිබිල අඩුවෙලා මොනවද අඩු වුනේ?? අයි මේ දේවල් ගැන රටේ අදාල ආයතන හොයලා බලන්නේ නැත්තේ, කියන එක පුදුම සහගතයි..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site