IMG-LOGO

බණ්ඩාරනායක ගුණ සැමරේ

(තිලකරත්න දිසානායක)

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව , අද  (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී පැවැත්විණි. 

මීට සමගාමීව හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 23 වන ගුණ සමරුව සහ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 15 වන ගුණ සමරුවද සිදු කෙරිණි.  

බණ්ඩාරනායක සමාධිය වෙත පුෂ්පෝපහාර පුද කිරීම බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ,  සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සහ පවුලේ ඥාතීහූ සිදු කළහ.

මෙහිදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවය පළ කිරීමෙන් අනතුරුව ආණමඩුවේ  ධම්මදස්සී  නාහිමියන් විසින් පිරිස පංචශීලයෙහි පිහිටුවීම සිදු කළ අතර  පැන්වැඩීම පිනිස ආගමික වතාවත් පන්නිල ආනන්ද නාහිමියො සිදු කළහ.

අනතුරුව ප්‍රධාන අනුශාසනාව මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් විසින්ද ,  නිට්ටඹුව  මීසම් බාර කිරුල් ජයනාත් පියතුමන් සහ මව්ලවි කුරුක්කුල්  විසින්ද සිදු කළහ.

බණ්ඩාරනායක ගුණ සමරු ගීතය ඉදිරිපත් කිරීම වේයන්ගොඩ සාන්ත මරියා ජාතික පාසලේ සිසු දරුවන් සිදු කළහ.

 

 

 

 



අදහස් (3)

බණ්ඩාරනායක ගුණ සැමරේ

Siri Tuesday, 26 September 2023 01:52 PM

විලි ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැති මිනිස්සුත් සහභාගී වෙලා එහෙනම් ඈ...

:       0       0

ගමේ එකාලා Tuesday, 26 September 2023 02:58 PM

අගමැති වෙලා හිටියේ අවුරුදු 3 ක් වගේ කෙටිකාලයක් .කෙරුවේ සින්හල බාසාව රාජ්‍ය බාසාව කරලා ,බල තණ්හාවට ජාති බේද අවුස්සපු එක.අවසානයේ අත්වූ ඉරණම ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       5       10

ravin Tuesday, 26 September 2023 03:34 PM

ඇයි මේ බණ්ඩාරනායක නාමයටත් අගෞරව කරන්නද අර හිටන්ව ගෙන්නාගෙන තියෙන්නේ ?

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site