IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බඩගින්නට තිත තබන්න අලුත් අලුත් දෑ තනයි

(අංජුල මහික වීරරත්න)

කෘෂි කාර්මික ක්ෂෙත්‍රයේ  කටයුතු විධිමත් සහ වේගවත් කිරීම සඳහා ලාංකිකයන් කරන ලද නව නිර්මාණ රැසක් හඳුන්වාදීම කෘෂිකර්ම අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

මෙම නව නිෂ්පාදන අතර පසෙහි විද්යුත් සන්නායකතාව (Electric Conductivity) මැනීමේ නව උපකරණයක් තරුණ නව නිපැයුම්කරුවෙක් වන විදුලි ඉංජිනේරූ කසුන් සිරිවර්ධන මහතා විසින් හදුන්වා දෙනු ලැබීය.

පසේ පී.එච්. අගය මැනීමට මෙන්ම පසෙහි ලවණතාවය පහසුවෙන් පරීක්ෂා කිරීමට මෙම උපකරණය යොදා ගත හැකි බවත් මෙවැනි උපකරණයක් විදේශ රටකින් ආනයනය කරන්නේ නම් රුපියල්  90,000ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත් සිරිවර්ධන මහතා  පැවසීය.

මෙම නව නිපැයුම  රුපියල් 6000ක් වැනි මුදලකට සාදා ගත හැකි බවද ඔහු කීය.

එමෙන්ම එළදෙනුන්ගෙන් සවස් කාලයේ දොවා ගන්නා කිරි පැය 24ක් යන තෙක් ආරක්ෂිතව තබා ගත හැකි උපකරණයක් ද මෙහිදී හඳුන්වා දුන්නේය.

පශු සම්පත් පාලනයෙහි යෙදෙන ඇතැම්  අය කිරි කල් තබා ගැනීමට උචිත පහසුකම් නොමැතිකම නිසා කිරි දොවන්නේ උදය කාලයේ පමණක් නමුත් දෙනුන්ගෙන් සවස් කාලයේ කිරි දෙවීම මගින් උදේ කාලයේ ලබා ගත හැකි කිරි ප්‍රමාණය ඉහළ යන බව නව නිපැයුම්කරුවෝ මෙහිදී පැවසූහ.

කුඹුරුවලට යෙදිය යුතු මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර රටෙි නොමැති නිසා ගොයම් ගසේ කිරි මුල් පද්ධතිය ශක්තිමත් කරන නව පොහොර විශේෂයක් ද එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව නිපදවා ඇති අතර එම පොහොර විශේෂය හඳුන්වා දීම ද මෙහිදී සිදු විය.

මීට අතරව සහල් පිටි යොදා ගනිමින් රසකැවිලි සැකසීම පිළිබඳව කළ නව හඳුන්වා දීම් ද අමාත්‍යවරයාට මෙහිදී බාර දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේ කෘෂි අංශයේ  නව නිපැයුම් අගය කිරීම සඳහා ජනාධිපතිවරයා ගේ සහභාගීත්වයෙන් ලබන වසරේ දී  සම්මාන පිරිනැමීමේ වැඩ සටහනක් ආරම්භ කරන බවයි.



අදහස් (5)

බඩගින්නට තිත තබන්න අලුත් අලුත් දෑ තනයි

sharm warn Monday, 19 December 2022 03:59 PM

මේ රටේ ඉන්න නව නිපැයුම් හපන්නු පහුගිය වසර 20-25ක් තිස්සේ හදපු දේවල්වලට හරිතැනක් දුන්නා නම් අද මේ රට මේ රට මෙහෙම කුණු කොල්ලයකට වැටෙන්නේ නැහැ.. දැන් වුණත් මේ කරන්නේ ඉදිරියේ එන ඡන්දෙට මිනිස්සුන්ට ඇමක් දාන්න. වෙන කිසිම දෙයක් නෑ...

:       1       8

mangala Monday, 19 December 2022 04:16 PM

ජනාධිපතිට කියලා සම්මාන දීලා ඇති වැඩක් නැහැ... ඔය ඔක්කොම නව නිපැයුම් සල්ලි දීලා අරගෙන හැම ගොවිජන කාර්යාලයකටම දීලා ගොවියන්ට විකුණන එකයි කරන්න ඕනෑ...

:       0       7

කිරිපුකා Monday, 19 December 2022 04:39 PM

මේ හැම නිපැයුමක්ම ප්‍රායෝගිකව භාවිතයට ගෙන තව තවත් වැඩිදියුණු කරමින් ඔවුන්ගේ හැකියාවටත් වටිනාකමක් දී එයින් සමස්ථ රටටමත් මහත් සේවයක් වන්නේ නම් කොපමණ අගේද ? වසර පුරා වැසි ඇද හැළෙන ඕනෑම බීජයක් පැළවෙන මේ පුන්‍යභූමියට අවශ්‍ය වෙහෙස වී වැඩ කර භෝගයෙන් අටු කොටු පුරවන මානසිකත්වයක් විනා ණයටම කන්න බලන් ඉන්න දීන මානසිකත්වයක් නොවෙයි.

:       0       0

C.K.Lankaputhra Tuesday, 20 December 2022 06:28 AM

ගොනාට ඇන්දීම කරන්න මේ මැති ඇමතියෝ හරිම දක්ෂයිනෙ. ඒයාල අන්තිමට බලන්නේ ඔය කියන උපකරණ පිට රටින් ගෙන්නුවම අපට ලැබෙන සම්තිං එක ගැනයි. ඔවුන් ගැන සත පහක විශ්වාසයක් තියන්න එපා.

:       0       0

Thusitha jayathilaka Tuesday, 20 December 2022 10:09 AM

ඉතාම හොඳ වැඩක්, සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site