(නිමල කොඩිතුවක්කු)
බඩ ඉරිඟු සහ රටකජු ආනයනය කිරිම ජනවාරි 1 දා සිට අත්හිටුවිමට රජය පියවර ගත් බව වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අද (6) පැවසීය.
ග්‍රාමීය ආර්ථීකය නඟා සිටුවීම සහ ගොවීන් ශක්තිමත් කිරිමේ අරමුණු කරගනිමින් රජය මේ තීරණය ගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ වගාකළ හැකි කිසිදු ධාන්‍යයක් ආනයනය නොකිරිමට ඉදිරියේ දී රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
යම් හෙයකින් මෙම ධාන්‍ය වර්ගවල හිඟයක් ඇති වුවහොත් පමණක් එම ධාන්‍ය වර්ග ආනයන කිරීමට රජය පියවර ගන්නා බවත් අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි. සතුටුයි.
ඔය කියන විදිහට ජම්බෝ පීනට් නැතිවෙන්න ඕනෑ. බලමු නැතිවෙයිද කියලා. බොරුවෙන්ම මිනිස්සු මුලාවෙ දානවා.
මම පීනට්ස් ගෙන්නන එක කරන්නේ. නමුත් මේ දෙය ගොඩක් වටිනවා . නමුත් ඇමතිලා හොරෙන් ගෙන්නන එකත් නවත්තන්න නැතුව වැඩක් නැ
මේවා මොනවද......දේශපාලුවන්ගේ අනුදැනුම ඇතුව තව මොන මොන දේවල් ගේනව ඇත්ද? එව්වත් නවත්වයිද කියලා කාටද කියන්න පුලුවන්.
උත්සාහය හොඳයි... හැබැයි අපි පිටරට ඒවා එපා කියද්දී, අපි පිටරට යවන ඒවටත් ඒකම වෙන්න පුලුවන්. හොඳම දේ මිනිස්සුන්ව දේශීය දේට හුරු කරමින් පිටින් එන කෑම බීම ඉබේම ප්‍රතික්ශේප වෙන්න ඉඩ හැරීම. එහෙම නැත්තම් කළයුත්තේ අපනයනයන් වැඩි කිරීමයි.
හොඳ තීරණයක්!
ඒ වගේම ගොවියන් ශක්තිමත් කිරිමේ වැඩ පිලිවෙලක් සකස්විය යුතුයි