
(අංජුල මහික වීරරත්න)
අද ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
මිල පාලන දෙපාර්තමේන්තුවට රාජකාරි නිසිලෙස කිරීමට නම් රජයට මිල පාලනය ගැන ප්‍රතිපත්තියක් තිබිය යුතු බව කී වජිර අබෙිවර්ධන මහතා භාණ්ඩ මිල පාලනයක් නැති තත්ත්වය දිගටම තිබුනොත් ලබන වසරේ අගෝස්තු වනවිට රට නැවත ගොඩගත නොහැකි ඛේදනීය තැනකට තල්ලු වීම වැලැක්විය නොහැකි බවද සඳහන් කළේය.
ගොවිතැනට හානි වූ විට ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න නොහැකි යැයි ද දැන් ගොවියාට තම පරිභෝජනය සඳහා ගන්න සීනි, පිටි, ගෑස් පවා නැතැයි ද තියෙන ඒවාත් බොහෝමයක මිල ශීඝ්‍රයෙන් ඉහල ගොස් රට සම්පූර්ණයෙන්ම අර්බුදයකට ගමන් කරමින් තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා පුදුම ආදරයක්නේ මහජනතාව ගැන මේ දැන් පෙන්වන්නේ... ඊළගට "දියවනාව පට්ටියට තෝරන්න පවත්වන මහා පොරයේදී" අපි ඔය ඔක්කොම තෝරලා යවන්නම් හොදේ..... එතකොට අපිට නිකං කන්න දෙනවා නේද , මහජන මුදලින් පිනට ගිලිනවා වගේ.....
මොනවා උනත් 2019 වෙනකම් මේ රටේ මිනිස්සු හොඳට හිටියා. චෝදනාව තිබ්බේ පාස්කු ප්‍රහාරයයි මහ බැංකුවයි විතරයි. ඒ චෝදනා කරපු අයයි වගකිවයුතු අයයි දැන් ඉන්නේ කාගේ පැත්තේද? රවීන්ද්‍ර කාටද කඩේ යන්නේ කියල මේකේ හැමෝම දන්නවා. පාර්ලිමේන්තුවේ ඔක්කොම රූකඩයෝ 20 වෙනි සංශෝධනයෙන් පස්සේ. ඔක්කොම පාලනය කරන්නේ 225 පාලනය කරන ලොක්කා සහ එයාගේ ජාවාරම් කාරයෝ ටික. ඇයි බයද ඒ ගැන කතා කරන්න? ලොක්ක සහ එයාගේ පවුල පත විදිහට ෆේල් කියල පුලුවන්නම් එඩිතරව කියන්න. එයාට යුද්ද කරන්නත් බැහැ රට කරන්නත් බැහැ. ගිය තැනකින් ආපහු ලංකාවට ආවේ නැත්තම් ඒක තමයි ලංකාවට කරන්න පුළුවන් ලොකුම යුතුකම මේ වෙලාවේ හැටියට.
මේ කියලා තියෙන්නෙ කවදාවත් සරුංගලයක් නොඇරපු එකෙක්. නූල කැඩුණාම සරුංගලේ උඩ යන්නෙ නෑ. ගහගෙන ගිහිල්ලා බිම වැටෙනවා.
ජාත්‍යන්තරය දිනාගත්තු කියන ඔයාගේ ආර්ථික ඔස්තාර් රනිල්ට කියල මොකක් හරි කරන්න බැරිද? ආණ්ඩුවට උපදෙස් දෙන්න නේ ඔහුව පාර්ලිමේන්තුවට යවල තියන්නේ.
මම දන්නා විදියට නම් නූල කැඩුණු සරුංගල් උද යන්නේ නැහැ .පහලට යනවා මිසක්
උපමාව නම් හොඳයි.
අර අවංක මනුස්සය අමාරුවෙ දාන්න අර ඇවන්ගාඩ් තක්කඩියට උදව්.කලා ට ඔය උන්නැහේට මොනවද ලැබුනෙ
නුල කැඩුනම සරුංගලය පහලට එනවා කියලා දන්නේ නෑ.
මෙයා සරුංගල් ඇරලා නෑ.
නූල කැඩුණාම සරුංගලේ යන්නේ පහළට... ඒකවත් දන්නේ නැති කෙනෙක්...
ඕක කියන්න දෙයක්ද හලෝ? මම ගේ හදනකොට වැලි කියුබ් එක ගත්තේ රුපියල් 35ට... සිමෙන්ති කෝට්ටේ රුපියල් 15යි. අද වැලි කියුබ් එක රුපියල් 17000 සිමෙන්ති කොට්ටේ රුපියල් එක්දහස් ගණනක්. ඒ මිල වැඩි වුනේ රාජපක්ෂලා හින්දද? කටාර් වලදී මම සිගරට් පැකට් එක ගත්තේ රියාල් 2... අද රියල් 16 රුපියල් 640 යි. ඔහෙලට බලය ලැබුනොත් මිල අඩුකරනවාද? කරයි බම්බුවක්...!