
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (14) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සුවිශේෂී හෙළිදරව්වක් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ ප්‍රකාශ කළත් දැන් වැඩක් නෑ. වැඩේ හොඳටම ගැස්සිලා...
2022 මහජන අරගලයට මුවාවී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට JVP නායකයින් මහජනයා පොළඹවමින් මහජනයා ප්‍රකෝප කරමින් සහ පෙළගස්වමින් අන්තවාදිව මහජන සාමය සහ නීතිය කඩකරමින් පාර්ලිමේන්තුවට බලයෙන් ඇතුළුවීමට වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා JVP නායකයින් උත්සාහ ගන්නා ලදී. 80 දශකයේ මෙන් 2022 වර්ෂයේ දී JVP නායකයින්ගේ නීතිවිරෝධීව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව මහජනයා ප්‍රෙකා්ප කරමින් පාර්ලිමේන්තුවට බලයෙන් ඇතුළුවීමට ගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව පිළිබඳවද සඳහන් කළයුතු වේ.
කරලා මදිවට තව විශේෂ ප්‍රකාශ. අපිත් දැනන් හිටපු දේ හරියටම කිව්වේ Aljazeera.
ඔක්කෝම කට්ටිය පාර දෙපැත්තෙන්ම ඉවත්වෙලා ඉන්න. ෆෙරාරියක් කියලා හිතාගෙන අබලන් මයිනර් එකක් පැදගෙන, ලයිසන් කැන්සල් කරපු හාදයෙක් එනවා. නැවත වතාවක් හැප්පිලා කුඩුපට්ටම් වෙන්න ඉතාමත් ආසන්නයි.
අල්ජසීරා කතාවේ එල්ලිලා මාලිමා පාංකඩ හැත්ත රටේ ප්‍රශ්න අමතක කරන්න හැදුවාට මේ ආණ්ඩුව ආවාට පස්සේ මේ රටේ අවුල් වැඩිවෙලා තියෙනවා. ඝාතන වැඩි වෙලා තියෙනවා. ආහාර මිල වැඩිවෙලා තියෙනවා. බදු වැඩි වෙලා තියෙනවා. රෝහල් ඇතුලේ වෛද්‍යවරියෝ අතවරයට ලක්වෙනවා. හැමදාම වෙඩි තබා කරන ඝාතන ගැන අහන්න ලැබෙනවා. මේකද පුනරුදේ?
ජෙප්පන්ගේ තවත් එක සංදර්ශනයක්...
විශේෂ ප්‍රකාශෙන් අපිට ඕන ඇත්ත, එහෙම නැත්තං ඇත්තටම කරපුවා. වෙන දේවල් වැඩක් නෑ.