(ඩී.ජී.සුගතපාල)

බටපොල දිද්දැලිය වත්තේ කුරුදු ඉඩමක සඟවා තිබු ටි.56 ගිනි අවියක් එහි පතරොම් ගැබ දෙකක් සහ උණ්ඩ 60ක් සමග සැකකරුවකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිටියාගොඩ මහවත්ත පදිංචි 24 හැවිරිදි සැකකරුවෙකි.

අම්බලන්ගොඩ දි පසුගිය මස 11වනදින  වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම සම්බන්ධයෙන් මෙම සැකකරු කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී අඩංගුවට ගෙන සිදු කළ විමරුශනවලදී මෙම ගිනි අවිය ගැන තොරතුරු ලැබුණ් බව පොලිසිය කියයි.