(ඉන්දිකා රාමනායක )
දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා අද (24) වතුකම්කරුවන් ගාලුමුවදොර පිටියේදී ඇරැඹු උද්ඝෝෂණය මීට සුළු වේලාවකට පෙර බැටන් ප්රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේය.
වතු කම්කරුවෝ අද උදෑසන සිට පැය අටකට අධික කාලයක් මෙම විරෝධතාවයෙහි නිරතව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් බාධාවක් නැතිනම් ගාලුමුවදොර පිටියේදී නම් ඇයි බැටන් ප්රහාර. රුපියල් 1000 කින් අද කල හැක්කේ කුමක්ද?
මේ අය රටේ නිෂ්පාදනයට කෙලින්ම දායක වන අය බැවින්, මේ අයගේ ඉල්ලීම සලකා බැලිය යුතුයි. මා සිතන්නේ මේ අයට බැටන් ප්රහාර එල්ල කිරීම වැරදිබවයි.
ඊයෙ ආණ්ඩුවේ රතු පෙලපාලියට ගැහුවෙ නෑ. අද ආණ්ඩු විරෝධී රතු පෙලපාලය නිසා ඒකට ගැහුවා. ඒකනෙ ඇත්ත කථාව
මේ අය රටේ සංවර්ධනය සඳහා දායක වන නිසාද මෙහෙම කරන්නේ..... ඔවුනුත් මේ රටේ මිනිස්සු
මේක අර පොහොට්ටුවේ එකට වඩා සිරා නේ... මිනිස්සු පාරේ බීල වැටිලත් නෑ!
වතු කම්කරුවන් වැඩි වැටුපක් ඉල්ලීම සාධාරණයි. නමුත් මුහුණුපොතේ පණිවිඩයකින් ද් තරුණයින් එක් වීම භයානකයි....... එය එජාපයට කොහම උනත් ජනතාවට භයානක පණිවිඩයකි. එම නිසා බැටන් පොල්ලෙන් නොව මොල්ගසෙන් හෝ පහර දී මොවුන් විසිරුවා හැරීම පමණක් නොසෑහේ. අද මොවුන් රැස් වුනේ හිස් අතිනි. අනික් දවසේ ආයුද සමග රැස් වුනොත් පොලිස්සිය කුමක් කොරන්නද?
වතු කම්කරුවන්ගේ ප්රශ්න විසදීමට රජය කඩිනම් පියවර ගත යුතුයි. එත් මේ මහජන කරදරය ඇතිකරවන පාරේ උද්ඝෝෂණ වලට ඉඩනොදී ඒවාට පිට්ටනි ලබා දිය යුතු වුවද පොලීසිය හා අදාළ අංශ ඒ සඳහා නිසි පියවරක් මෙතෙක් ගෙන නැහැ. පසුගිය රජය කාලයේ සමහර වතු කම්කරුවන් පොලිස් නිලධාරියෙකුගේ ඇඳුම් ගලවා පහරදී පන්නා දැමුවා. තවත් බොහෝ සිද්ධි සිදුවුණා. නැවතත් ඒවාට ඉඩ නොදී ඔවුන්ගේ දාමරිකකම් මෙල්ල කිරීමට පොලීසිය මුලදීම පියවර නොගතහොත් ඉදිරියේදී භයානක දේ සිදුවේවි. පොලීසිය හරිහැටි තම රාජකාරිය ඉටුකිරීමට බියක් දක්වන්නේ දේශපාලකයන් ඊට අතපොවන නිසයි. රටක පොලීසියට ඉහලින් තිබිය යුතු අධිකරණය උවද, දේශපාලකයා ඊට මැදිහත් වෙයි. පොලීසිය මේ තත්වය අධිකරණයට පැමිණිලි නොකරනතාක් කල් මේ තත්වය මෙසේ දිගටම පවතිනු ඇත...........
රුපියල් 1000 කට අද කරන්න පුළුවන් මොකක්ද?
මෙය පිටිපස්සේ සිටින්නේ වතුකරයේ දේශපාලනය
ජවිපෙ පෙළපාලි රැලිවලට විතරක් ජාල ප්රහාර, බැටන් ප්රහාර නැත්තේ මොකද?