
(ටී.කේ.ජී.කපිල )
ෂීෂෙල්ස් රාජ්‍යයේ ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව එරට පැවති ආරාධිත බොක්සිං තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිස අද(26 )අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාවට අමතරව ෂීෂෙල්ස් , මුරිසිය , රී - යුනියන් සහ කෙන්යාව යන රටවල් නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩකයින් සහභාගී වී සිටියහ .
ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට පාසැල් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සහභාගී වී සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා එම පාසැල් වල සිසුන් ගුරු භවතුන් , ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd