(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද(24) දින සවස් කාළයේ ඇති වී තිබූ අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය නිසා , තායිලන්තයේ බැංකොක් නුවර සිට ගොඩ බැසීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරණ ගුවන් යානය අද සවස 5.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණියත් , ඒ වනවිට ගුවන් තොටුපොළ අවට පැවති වැසි සහිත කාළගුණික තත්ත්වය නිසා , එම ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ අතර , එය එම ගුවන් තොටුපොළේ සවස 5.40 ට ගොඩ බස්වා තිබුණි .
මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A- 320 - 214 වර්ගයේ එයා බස් ගුවන් යානයක් වන අතර , එහි මගීන් 134 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 ක් සිටියහ .
පසුව මෙම ගුවන් යානය යළිත් රාත්‍රී 6.30 ට මත්තල ගුවන් තොටුපොළෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වූ අතර , එම ගුවන් යානය රාත්‍රී 6.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය .
ඒ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට කාළගුණික තත්වය යහපත් අතට හැරී තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉමර්ජන්සි ලෑන්ඩින්වලට මෙහෙම තැනක් තියන එක කොච්චර වටිනවද? නැත්නම් ඉන්දියාවේ ට්‍රිචි හරි ට්රිවැන්ඩ්රම් හරි තමයි යන්න වෙන්නේ...
හා හා! කාගෙන් අහලාද ඕක බාන්න දුන්නේ. අගමැතිතුමයි ජනාධිපතිතුමයි 2015 පෙබරවාරියේදී මත්තල වෙන් කලේ වී ගබඩා කරන්නනේ. ප්ලේන් බාපු අයට එෆ්සීඅයිඩී යන්න තමා වෙන්නේ ලගදීම.
හදිසියේ මෙවැනි අවස්ථා වලට මුහුණ දෙන්න වෙන්නෙත් අපේම අසරණ "ශ්‍රීලන්කන්" යනාවලටම පමණයි ! ඒවා පදවන කපිත්තෝ මත්තල ගැන දන්නා නිසා හොඳයි.... මේ වසරේ මත්තලට යානා කීයක් ගොඩබස්වා තිබේද? එයින් කීයක් අපේ ඒවාද?
එතකොට වී ටික????
වී වේලන්න ඉන්දියාවට දෙන්න ලෑස්තිය...... ලොක්කට බාර දුන්නා කොමිස් කතා කරගන්න....
පුදුමේ කියන්නේ අයහපත් කාලගුණය බලපාන්නේ, ශ්‍රී ලන්කන් ගුවන්යානා වලට පමණමනේ.