(යොහාන් භාසුර)
ඉතිරි කිරීමේ ගිණුමේ පාස් පොතෙන් රුපියල් ලක්‍ෂ 2 කට අඩු මුදලක් නැවත ගන්නා අවස්ථාවකදී වාණිජ බැංකු රුපියල් 15 සිට රුපියල් 50 දක්වා අමතර ගාස්තුවක් අය කරයි.
මෙම අය කිරීමත් සමඟ කිසියම් පුද්ගලයෙක් පාස් පොත යොදාගෙන රුපියල් 50 ක මුදලක් නැවත ගතහොත් ඇතැම් පෞද්ගලික වාණිජ බැංකු එම මුදලට සමාන මුදලක් අමතරව අය කරන තත්වයක් ඇතිවී තිබේ.
මෙරට ප්‍රධාන පෞද්ගලික වාණිජ බැංකුවක් මේ වන විට රුපියල් 50 ක අමතර මුදලක් අයකරන අතර තවත් ප්‍රධානතම පෞද්ගලික වාණිජ බැංකුවක් රුපියල් 15 ක් අය කරයි.
රුපියල් 50 ක් අය කරන පෞද්ගලික බැංකුවෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ රුපියල් ලක්‍ෂ 2 කට අඩු මුදලක් ලබාගන්නා ගණුදෙනුකරුවන්ගෙන් එම අමතර මුදල අයකරන බවත් ටෙලර් යන්ත්‍රයෙන් කාඩ්පත භාවිතයෙන් මුදල් ලබාගන්නේ නම් එම මුදල අය නොකරන බවයි.
ජනතාව පවසන්නේ කාඩ්පතක් නොමැති පුද්ගලයකු මාසයකට අවස්ථා 10 කදී පාස්පොත භාවිතයෙන් මුදල් ලබාගත හොත් රුපියල් 500 ක මුදලක් අමතරව ගෙවීමට සිදුව ඇති බවත් මෙය දුප්පත් ජනතාවට කරන දැඩි අසාධාරණයක් බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය බොහෝ රටවල වාණිජ බැංකු අනුගමනය කරන ප්‍රතිපත්තියක්...
ATM යන්ත්‍රයෙන් මුදල් ගත්තද රු 5ක් අයකරනව. මාසයකට 10 වතිවක් මුදල් ගත්තොත් රු50ක් අයවෙනව.
කාටද ය් ලක්ශ දෙකක් ගන්න සල්ලි තියෙන්නෙ ,.අහිං මිනිස්සුන්ව හූරන් කනව, සාපවෙවා
නුවණැති කෙනෙක් සාධාරණ ආකාරයට ගණන් බැලුවත් මානසිකව දුර්වලතා සහිත අන්තගාමී කෙනෙක් රුපියලටත් අන්තිම සතය දක්වාම ගණන් හදාවි... ඒක හරියට සපත්තු වෙළෙන්දා සපත්තු මිල ලකුණු කරනවා වගේම තමයි බොහෝවිට රජය බදු පැනවීම කළත්... ජනතාවට අසාධාරණ වෙන්නේ රජයේ නිලධාරින් අතින් තමයි. ඔවුන්ට ඉස්පිල්ලක්, පාපිල්ලක්, කොමාවක්, විරාම ලකුණක් නෑරම කියලා දෙන්න ඕනෑ. නැත්නම් බඩුම තමයි. රජයේ සේවකයෙක් කරපු වැඩක් කියන්නේ දැනගැනීමට තමයි. ආයතන සංග්‍රහයේ තියෙනවා ලිපියක් ලියද්දී ලිපියේ ආමන්ත්‍රණයක් ඇතුළත් කරන්න කියලා... එහෙම නැතුව සැකසූ ලිපියක් දැක්කාම මම ඇහුවා එහෙම කළේ ඇයි කියලා... මිනිහා කියනවා අපි භාණ්ඩ ගන්නේ මුදල් ගෙවලා නම්... මහත්මයාණෙනි, මහත්මියනි කියලා ලියන්නේ මොකටද කියලා. ඒ වුණාට ලිපිය ලැබුණු අය බනින්නේ ජනාධිපති, අගමැති ඇතුළු රජයට තමයි ඉතින්... මේකත් බැංකුවේ ලොකු අයගේ දෝෂයක් කියන්න පුළුවන්...
පුදුම කාපාලු රටක්... !
කමක් නැහැ... ඉන්න හිටින්න රටක් තියනවනේ...
ATM යන්ත්‍රයකින් මුදල් ගන්න කොටත් බැංකු ගාස්තු අය කරනවා. සමහර බැංකු වලින් දවසටම ගන්න පුළුවන් රුපියල් ලක්ෂයයි... එහෙම නැත්නම් ලක්ෂ එකහමාරයි. එතකොට ලක්ෂ දෙකකට වඩා අඩුවෙන් ගන්න පූද්ගලයින්ගෙන් ගාස්තුවක් අය කිරීම සාධාරණද? නන්දලාල් ඇතුළු මහ බැංකුවේ නඩය තමන් ගැන හිතනවා මිසක් ජනතාව ගැන බලන්නේ නෑ. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉදිරිපත් කරලා තියෙන නීති හා රෙගුලාසි හුඟක් ඒවා යල් පැන ගිය ඒවා...! මේවා යාවත්කාලීන කරන්නේ කවුරුත් ගෙදරවත් කැපවීමක් නෑ. නන්දලාල් නම් ඕස්ට්‍රේලියාවට පනියි. මඩිය තරකරගෙන. මේ අවුරුදු හතළිහක් ඔයා මහ බැංකුවේ පොල් ගෑවාද?
එන පොට හොඳ නැහැ ,පුළුවන් අය නිදහස තියන වෙන රටකට යන එක හොඳයි
මේ රට කරන්නේ අමුම අමු පට්ට මෝඩයින් රැසක්.. මේ අය අඳුරේ අතපත ගානවා වගේ වැඩ කරන්නේ. බැංකුවල මිනිස්සු තැන්පත් කරන මුදල් නැවත ගන්නා විට අධික ලෙස කොමිෂන් ගන්නවා නම්... තැන්පත් කරුවන් බැංකුවේ තමන්ගේ ගිණුමේ ඇති මුදල් සියල්ලම නැවත ලබාගත්තොත්... බැංකුවේ මුදල් නැති වෙනවා. බැංකුව අපිට පොලි ගෙවන්නේ අපේ සල්ලි ව්‍යාපාරවල ආයෝජනය කරලයි. වෙනත් ව්‍යාපාර සඳහා ආයෝජනය කරන්න බැංකුවට මුදල් නැති වෙනවා. බැංකුව බංකොළොත් වෙනවා. ඉක්මන් වුණු මිනිස්සු තමන්ගේ මුදල් ලබාගන්නවා සේම පරක්කු වෙන්න වෙන්න මුදල් ලබාගැනීම අපහසු වෙනවා. අපේ රටේ බැංකු පද්ධතිය මේ අතවනන්නේ මරාගෙන මැරෙන මෙහෙයුමකටද? රටේ බැංකු පද්ධතිය කඩාගෙන වැටුණොත් රට ඉවරෙටම ඉවරයි...!!!දැනටමත් ස්ථිර තැන්පත් ගිණුම්වල මුදල් නැවත ආයෝජනය නොකරන බව බොහෝ දෙනෙක් කියනවා. අපි බලාගෙන ඉමු සූත්තර පුංචා හෙවත් බැංකු හොරාගේ මීළඟ සෙල්ලම...
අපිව මරාගෙන කාපල්ලා...!
බැංකුත් මහජනතාව ගසා කන්න පටන් අරගෙන වත්ද?
පොතේ 200,000ට වඩා තියන හැමොම ගන්න අවශ්‍ය ගානට 200,000 ක් එකතු කරලා සල්ලි ගන්න slip ලියලා ඒ ගමන්ම deposit කරන slip එක ලියන්න .200,000ට. රු 50ක් දෙන්න ඕනෙත් නෑ. බැංකුවේ ලොකු පෝලිමක් හිටියි ටික දවසක්. නිකම්ම අකුල ගනී ඕක.
ටෙලර් මැෂින් ගැන දන්නේ නැත්නම් ඒක බැංකුවේ වරදක් නොවේ. ඒ නොදන්නා අය වෙනුවෙන් පඩි ගෙවා සේවයේ යොදවන අයනිසා වන අමතර වැය ඒ විශේෂ පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්න වෙනවා. අසාධාරණ කමක් නෑ. ඕනෑම ව්‍යාපාරයක් ඒ ලෙස කරන්න වෙනවා. මා බැංකුවලට සම්බන්ධ අයකු නොවේ.
මුදල් ලබාගැනීම සඳහා පාස් පොත බොහෝ විට භාවිතා කරනු ලබන්නේ දුප්පත්, අහිංසක අධ්‍යාපන මට්ටම අඩු මිනිසුන් බැවින් අනිත් හැමවිටම වගේ දුප්පතාටම පහර දීමක් කියලා තමයි මට නම් හිතෙන්නේ...!
අවුරුද්දකට ලැබෙන පොලිය බලපුවාම තුන් හතර වතාවක් සල්ලි ගත්තොත් අතිනුත් ගෙවන්න වෙනවා.ඔක්කොම සල්ලි ටික එක සැරේ අරන් ගිණුම වහලා දාපුවාම වැඩේ ඉවරයි
කාඩ් එකෙන් ගන්නකොට රුපියල් 10ක් අයකරන එකත් කියන්න.
මෙම තත්වයට මෙතෙක් මා මුහුන දී නැත.ඒ මුදල් නොගත් බැවිනි. රට හිඟන තත්වයට පත්කල උන් හොරා කෑ මුදල් ආපසු ලබා ගෙන රටේ යහපතට යෙදීමට පාලකයන් කටයුතු කල යුතුය.. මහ බැංකු හොරාට අද වනවිට මහබැංකුව භාර දී ඇත.දිගින් දිගටම සිදුවන හිරිහැර වල අවසන් ප්‍රතිපලය වන්නේ රට නොනවතින අරගලයකට යොමුවීම නොවේද? රු: 50/- බැගින් දිනකට කොපමන එකතුවේද?
ටෙලර් යන්ත්‍රයේ කාඩ්පත් ලැබී නැහැ කියා බැංකුවලින් අලුත් ටෙලර් යන්ත්‍ර කාඩ්පත් නිකුත් කරන්නේ නැත.
හැම රෙද්දකටම බදු ගහලා අතේ මිටේ සල්ලිත් නැති එකේ බැංකුවට සල්ලි නොදා හිටියානම් හරි
Atm එකෙන් ගත්තම අයකරන්නේ නැතිලු. .දැන් කා ලඟත් atm කාඩ් තිබේ.
ඔය වැඩෙන් වෙන්නෙ ජනතාව බැංකුවල මුදල් තැම්පත් කරන එක නවත්තන්න එකයි .
අදාල බැංකුවේ කොන්දේසි සමග එකඟ නොවනවා නම්, තමන් කැමැති ආකාරයේ කොන්දේසි සහිත බැංකුවක් තෝරාගත්තා නම් හරි. කාඩ් එකක් පාවිච්චි කරන්නේ නෑ කියන එක මිනිස්සුන්ගේ පුද්ගලික එකක්...
මොවුන්ට හෙණ ගහලා තවත් හෙණ 7ක් ගහන්න ඕනෑ.
නියමයි .මාරු හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට
කාඩ් එකෙන් ගනිද්දි රු.5ක් කපනවනෙ ඉතිං.
NSB එකේ නම් එහෙම නෑ...
බදු ගහන්න තවත් මොනවාද ඉතුරුවෙලා තියෙන්නේ...?
වීරසේන රට හිඟන තත්වයට පත් කළ අය බලයට ආවේ 1977දී. එදා ඉඳන් රට හිඟන තත්වයට පත්වුණා. හැබැයි ඡන්දය බලාගෙන සහනාධාර දුන්නු ආණ්ඩුත්, සහනාධාර බලාගෙන ආණ්ඩු බලයට පත්කළ ජනතාවත් රට මේ හිඟන තත්වයට පත්වීමට වගකිව යුතුයි...
හෙට අනිද්දට ආණ්ඩුවේ මිනිස්සු "වැසිකිළි යනකොටත්" බද්දක් අය කරගනී.
චාමරට ස්තුතියි... ඊට වඩා පින් ලැබෙනවා.
මේ වන විට මම වීසා කාඩ් සහ බැංකු පොත භාවිතාකර ගණුදෙණු කරනවා. පාරිභෝගිකයින්ට අසාධාරණකම් කරන්න එපා. අමාරුවෙන් උපයන මුදල මෙලෙස අවභාවිතා නොකර සුදුසු අදහස් පමණක් ඉදිරියට ක්‍රියාත්මක කරන්න.
මේ අය ලංකාවෙන් පැන්නුවේ නැතිනම්, පොඩි එකෙක් ඉපදෙද්දී එයාටත් ටැක්ස් ගහයි... පරදේශපාලුවන්... අමු හිඟන්නන්... රටක් පාලනය කරන්න බැරි අය...!