
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට තෙදින නිල සංචාරයක නිරත වූ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර ලේකම් ආචාර්ය පෝල් කපූර් මහතා පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඊයේ (ජුනි 23) කොළඹ දී මුණගැසුණු බව එම පදනම නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එහිදී පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කළ විද්වත් හමුවකටද කපූර් මහතා සහභාගී වූ බවත් එම විද්වත් හමුවට තානාපති අංශ, චින්තන පර්ෂද ප්‍රධානීන්, ආර්ථීක හා ව්‍යාපාරික ක්ෂේත්රවල ජ්‍යෙෂ්ඨ පිරිසක් සහභාගීවූ බවද එහි සඳහන් විණි. එහිදී ද්වී පාර්ශිකව වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳව පාර්ශ්වයන් සාකච්ඡා කර ඇත.
ඇමරිකානු තානාපතිනි (වැඩ බලන) ජෙනි හොවෙල්, ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී (වැඩ බලන) ඇන්තනී ප්රිනෝට්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික්, නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, ලංකා වානිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, බ්‍රැන්ඩික්ස් ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඔමාර්, කැපිටල් මහාරාජා විධායක අධ්‍යක්ෂක නිමල් කුක්, ඉන්දියනු විධායක නිලධාරී සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂෝර් රෙඩ්ඩි, ශ්‍රි ලංකා වෙරළාරක්ෂක අධ්‍යක්ෂක ජනරාල් රොහාන් ජෝෂප් සහ ලර්න් ඒෂියාහි ප්‍රධාන විධායක නිලධාරී රොහාන් සමරජීව යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd