
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් කෝටි 6 ( මිලියන 60) සිට රුපියල් තුන් කෝටි තිස් හය ලක්ෂයක් ( මිලියන 36) දක්වා අඩු කෙරෙන අයවැය යෝජනාව ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය
ඒ අනුව, එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා දැනට පවතින රුපියල් රුපියල් කෝටි 6 ක (මිලියන 60ක) වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් බල පැවැත්වෙනු ඇත.
ඔහු මෙසේ පැවසුවේ එකතු කළ අගය මත මත (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
විවාදය පෙරවරැ 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්විණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd