
(අංජුල මහික වීරරත්න)
ස්විට්සර්ලන්තයේ ජිනීවා හි මේ දිනවල පැවැත්වෙන 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඡේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුව (Common Wealth Health Coordination Forum) පැවැත්විණි.
මෙහි තේමාව වුයේ “Shaping the Future of cancer across the common wealth” යන්නයි.
මෙම සමුළුව පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර ගයනා රාජ්‍යයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වු H.E.Leslie Ramsammy මහතා මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියා කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙසද, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම සමුළුව නියෝජනය කළ අතර ඒ සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය එස්.ශ්‍රීධරන්, ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහත්වරු ඇතුළු මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් ද මෙම වැඩසටහනට එක් වුහ.
79 වන ලෝක සෞඛ්‍ය සමුළුව මැයි 23 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මුලස්ථානයේ දී පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd