
(යොහාන් භාසුර)
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීම සඳහා පැමිණෙන විට පොත් රැගෙන යාමට සුදුසු, පරිසර හිතකාමී සහ නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙනවිත් පරිසරය සුරැකීමට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටියි.
පාරිභෝගියකයින් විශාල පිරිසක් පොත් මිලදී ගන්නා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පොත් රැගෙන යාම සඳහා ප්ලාස්ටික් බෑග් එනම් විශේෂයෙන් සිලි සිලි මලු විශාල වශයෙන් භාවිත කරන්නේ යැයි පසුගිය වසරවල නිරීක්ෂණය වී ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව නිකුත් කළ අංක 2456/41 දරන 2025 ඔක්තෝබර් මස 01 වැනි දිනැති ගැසට් පත්‍රය මගින් අතලු සහිත සිලි සිලි මලු කිසිදු පාරිභෝගිකයකු වෙත නොමිලේ ලබාදීම නොකළ යුතු බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආර්. එස්. පී. කපිල රාජපක්ෂ මහතා පැවසීය.
අදාළ බෑග් විකුණුවහොත් අය කරන ලබන මුදල බිල්පතේ සඳහන් විය යුතු බව ප්‍රකාශයට පත්කර ඇති අතර මෙලෙස නීතියක් පනවා තිබෙන්නේ තනි භාවිත පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයෙන් පරිසරයට වන හානිය වැළැක්වීම සඳහා බව කී ඒ මහතා එබැවින් පොත් මිලදී ගැනීමට පැමිණෙන විට පරිසර හිතකාමී බෑගයක් රැගෙන ඒමෙන් පොලිතීන් බෑග් භාවිතය අවමකර මහජනතාවට ද පරිසරය සුරැකීමේ වගකීම ඉටුකිරීමට දායක විය හැකි බව ද සඳහන් කළේය.
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී මෙම මස 25 වැනිදා සිට ඔක්තෝබර් මස 5 වැනිදා දක්වා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd