(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දුම්රිය වර්ජනය කාලෙ  ප්‍රවේශපත්‍ර  ගත නොහැකි වුණු හෙයින්   රටේ  තරුණ  පරම්පරාව ඊට පසු දින දෙකේදී  ටිකට් දෙක බැගින්  ලබා ගෙන විශිෂ්ට ආදර්ශයක් දුන්  බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ   තෙල් සම්පත් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය

අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය

මේ තරම් විශිෂ්ට ආදර්ශයක් මම  මීට පෙර දැකලා නැහැ. අපි එහෙම දෙයක් හිතලවත්  තිබුණේ නෑ. ඒ ශක්තිය  අපිට මේ රටේ ඈතම කෙළවරට යන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම ජනතාවක් එක්ක යන්න බැරි දුරක් නැහැ. ඒ කැපවීමට බොහොම ස්තූතියි. 

එදා කොරියාවේ ණය ගෙවන්න එ්  රටේ මිනිස්සු මංගල මුදුව පවා වික්කා. රත්රන් ටොන් දෙසිය දාහතක් එකතු කළා.