(අංජුල මහික වීරරත්න)

පැලවත්ත හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ වැඩ කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින්  පැවසීය.

වර්තමානයේ ජනතාවට ජීවත්වීම අසීරු වී තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා පැලවත්ත හැර අනෙක් සියලු පක්ෂ එකට වැඩ කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලු පක්ෂ එකඟතාවයකට පැමිණීමේ සාකච්ඡාවක් ඇතිකර ගත යුතුව තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.