(නිමන්ති රණසිංහ)
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයා බෝම්බ සිද්ධිය පිළිබඳව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ පැය දෙකකට ආසන්න කාලයක් අද (26) රහස් ප්‍රකාශයක් ලබාදුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු පැය දෙකකට ආසන්න කාලයක් මහෙස්ත්‍රාත්වරියගේ නිල කාමරයේදී මෙම ප්‍රකාශය ලබාදුන්නේය.
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9 (1) වගන්තිය ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කරමින් සිටින මෙම සැකකරු රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මෝසමක් ගොනු කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටියේ, රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින දොන් ෂර්ලි දයානන්ද හේරත් යන සැකකරුට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව ය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පිළියන්දල වෛද්‍යවරයාගෙන් පැය දෙකක රහස් ප්‍රකාශයක්
Bamunuarachchi Wednesday, 26 January 2022 06:37 PM
ඔය වැඩේ හරියන්නේ නැහැ... කාදිනල් කෙනෙක්ව ගෙන්නලා ප්‍රශ්න කරමු.
duplicate Ralahami Wednesday, 26 January 2022 07:46 PM
අර අහිංසක පල්ලියේ ළමයාටත් කියලා ඔය විදිහෙම රහස් ප්‍රකාශයක් ලබාදුන්නා නේද?
Don perea Thursday, 27 January 2022 03:46 AM
අලුත් නාට්‍යයක්...!
Susie Fernando Thursday, 27 January 2022 11:37 AM
පව්, මේක බොරුවක්...