
(අංජුල මහික වීරරත්න)
මහරගම - පිළියන්දල මාර්ගයේ කිලෝමීටර 2000 සිට කිලෝමීටර 3+700 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර 46 ප්‍රමාණයකින් යුත් ජාතික මාර්ග වැඩි දියුණු කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 50ක අරමුදල් සපයා ගැනීම පිණිස අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළඹ ඇත. එම ණය මුදල යටතේ වන අවසන් ව්‍යාපෘතිය වශයෙන් කිලෝමීටර 6.7 කින් යුත් මහරගම - පිළියන්දල මාර්ගය හඳුනාගනු ලැබ තිබේ.
එම මාර්ගයේ එක් කිලෝමීටරයක ප්‍රමාණයක් දැනටමත් වැඩි දියුණු කර ඇති අතර, ඉතිරි කිලෝමීටර 5.7 ක ප්‍රමාණය පැකේජ 03 ක් යටතේ වැඩි දියුණු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, A සහ C කොටස් වල කිලෝමීටර 04 ක ප්‍රමාණයක වැඩිදියුණු කිරීමේ කටයුතු ණය මුදලේ ප්‍රතිපාදන යටතේ දැනටමත් ආරම්භ කර තිබේ. B කොටස වන ඉතිරි කිලෝ මීටර 1.7 ක ප්‍රමාණය වැඩි දියුණු කිරීම සඳහා එකී ණය මුදලේ අරමුදල් ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත. එබැවින්, මහරගම - පිළියන්දල මාර්ගයේ B කොටසේ කිලෝ මීටර 1.7 ක ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් මඟින් අලුත්වැඩියා කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩො.මි. 50 ක් ණය ගන්නවා කි.මී. 46 ක පාරවල් අලුත්වැඩියා කරන්න. ඒ කියන්නේ 1 කි.මීටරයට ඩො.මි.1.08 නොහොත් රු.මිලියන 327 (ආසන්න වශයෙන්). ඒකත් මදි වෙලා. කල්පනා කරලා බලන්න...