(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභාවලින් ඉකුත් කාල සීමාව තුළ සිදුකරන ලද විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 650 ක පමණ මුදලක් මහාභාණ්ඩාගාරයෙන් මෙතෙක් නොගෙවීම නිසා පළාත් සභා දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉකුත්දා හමුවී දැනුවත් කර ඇතැයි පළාත් ආණ්ඩුකාරවරයෙක් ලංකාදිපයට පැවසීය.
පළාත් සභාවලින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් මුදල් යෙදවීම සඳහා අදාළ බිල්පත් මහාභාණ්ඩාගාරය වෙත යොමුකර මාස ගණනාවක් ගතවී ඇතත් මෙතෙක් එම මුදල් භාණ්ඩාගාරයෙන් ලැබී නැතැයි ඔහු කීවේය.
ඌව පළාත් සභාව රුපියල් මිලියන 1070 ක්ද බස්නාහිර පළාත් සභාවට රුපියල් මිලියන 752 ක්ද මධ්‍යම පළාත් සභාවට රුපියල් මිලියන 343 කද දක්වා පළාත් සභාවට රුපියල් මිලියන 493 ක්ද උතුරු පළාත් සභාවට රුපියල් මිලියන 898 ක් ද වයඹ පළාත් සභාවට රුපියල් මිලියන 659 ක්ද උතුරු මැද පළාත් සභාවට රුපියල් මිලියන 536 ක්ද සබරගමු පළාත් සභාව සඳහා 207 ක් සහ නැගෙනහිර පළාත් සභාව සඳහා රුපියල් මිලියන 886 කද වශයෙන් මෙම මුදල මහාභාණ්ඩාගාරයෙන් අයවිය යුතුව ඇතැයි ද ඔහු කීවේය.
පළාත් සභාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් ඉකුත් දා කොළඹට කැඳවූ බවත් එහිදී සියලුම ආණ්ඩුකාරවරුන් මෙම මුදල් අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය.
පළාතේ ප්‍රධාන ලේකම්වරයා මුදල් කොමිසමේ නිලධාරීන් හා මහාභාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන්ද එම සාකච්ඡාවට සහභාගි වූ බවත් එහෙත් මේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණු බවත් හෙතෙම කීවේය.
මහාභාණ්ඩාගාරයෙන් ගෙවීමට ඇති මුදල් පවා නොගෙවා තිබියදී පළාත් සභාවල ප්‍රාග්ධන වියදම්වලින් සියයට 10 ක් කපාහරින ලෙස දැන්වීමෙන් මුල්‍ය අර්බුදය උග්‍ර අතට හැරී ඇතැයි ද ආණ්ඩුකාරවරුන් එහිදී පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උගුලට වැඩියෙන්ම අහුවෙලා ඉන්නෙ සුලු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්. මටත් විශාල මුදලක් අය විය යුතුව තිබෙනවා. සමහර කොන්ත්‍රාත්කරුවන්ගේ ඉඩකඩම් මේ වනවිටත් බැංකු වලට සින්න වෙලා. ආණ්ඩුවේ අදූරදර්ශී වැඩ පිලිවෙල නිසා අපට දිවිනසාගන්නයි සිද්ද වෙලා තියෙන්නෙ. රටක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න සිටින කොන්ත්‍රාත්කරුවන් ආරක්ශා කරන එක රජයක යුතුකමක්. ඒත් මේ රජය කරන්නෙ ඔවුන්ව වල පල්ලට ඇදලා දාන එක. ව්‍යාපෘති සාර්ථකව අවසන් කරලා බිල්පත් ඉදිරිපත් කරලා අපි මාස ගනන් බලාගෙන ඉන්නවා. ඒත් කිසිම සතුටුදායක පිලිතුරක් රජයේ බලධාරින්ගෙන් මේ දක්වා ලැබුනෙ නෑ.
රජය කිසි මුදලක් කිසිම අමාත්‍යංශයකට ලබා දෙන්නෙ නෑ. ප්‍රධාන පක්ෂ දෙක මවන සිහින ලෝක දෙකක අප කැමැත්තෙන්ම අතරමන් වෙලා. රටවැසියන් හැටියට අපි මහා මෝඩයි. අපි මීට වඩා හොඳ රටකට සුදුස්සන් නොවෙමු.
පාලකයන්ට ඕවා ප්‍රශ්ණ නෙවේ. අපි පඩි ගෙවන්න ඕනේ. බදු ගෙවන්න ඕනේ.... අපේ සල්ලි වලින්. කොන්ත්‍රාත් කොම්පැනි කුඩා සහ මධ්‍යම ඒවා විනාශ වෙලා. එක්කෝ සල්ලි නැත්නම් වැඩ පටන් නොගෙන ඉන්න ඕනේ... අපේ සල්ලි වලින් ඒ ගොල්ලෝ විවෘත කරනවා.
තව අරය ඇවිත් දහස් ගණන් අරව මේවා හදන්න ගත්තාම කොහොම තියෙයිද?
සල්ලි අච්චු ගහනකම් ටිකක් ප්‍රමාදයි.