(ඩයනා උදයංගනී

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් ඇතැම් ස්ථානවලට අද (2) දිනයේත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

බස්නාහිර, සබරගමුව, උතුරු සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. 

 දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් මෙම වැසි ඇතිව බව ඔහු සඳහන් කළේය. 

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.